පොසොන් පෝ දා අපේ අදි­ටන | සිළුමිණ

පොසොන් පෝ දා අපේ අදි­ටන

පොසොන් පෝය අප රටේ බෞද්ධා­ග­මි­ක­ය­නට ඉතා වැද­ගත් දින­යකි. පොසොන් පෝ දින­යත් සමඟ අපට සිහි­පත් වන්නේ මිහි­න්ත­ලා­වයි. ලක්වාසී සැමට තිස­රණ සරණ යෑමට මඟ පෙන්වන ඒ උතුම් දායා­ද­යද රැගෙන මිහිඳු මහා රහ­තන් වහන්සේ අප රටට වැඩම කළේ මේ වැනි උතුම් පෝ දින­කය.

ඉන්දි­යාවේ සිට මිහිඳු හිමි­යන් අප රටට වැඩම කළ ඒ අව­දියේ ඉන්දි­යාව පාල­නය කළේ අශෝක අධි­රා­ජ­යාය. අප රටේ රජ­කළ දේවා­නම් පිය­ තිස්ස රජු මෙදින දඩ කෙළියේ යෙදෙ­මින් සිටි­යේය.

අශෝක රජ පුත් මිහිඳු හිමි­යන් ඇතුළු කණ්ඩා­යම දේවා­නම් පිය ­තිස්ස රජුට මුණ ගැසුණේ මිහි­න්ත­ලා­වේ­දීය. දේවා­නම් පිය ­තිස්ස රජු­ගෙන් විමසූ පැන­යට ලද පිළි­තු­රෙන් රජුගේ නුව­ණැ­ති­බව වටහා ගත් මිහිඳු හිමියෝ එතැන් පටන් මෙරට ජන­තාව තිස­ර­ණෙහි පිහි­ටු­ව­මින් දෙලොව යහ­පත සඳහා මහත් සේව­යක් කළහ.

මෙවැනි පොසොන් පෝ දින­කදී කුඩා අපිද බොදු වත් පිළි­වෙත් අනුව අප ජීවිත සකසා ගැනී­මට අදි­ටන් කර ගනිමු.

සදිනි හිමාෂා මදු­ෂානි
4 ශ්‍රේණිය,
වැලි­ප­ත­යාය ප්‍රාථ­මික විද්‍යා­ලය,
බළ­න්ගොඩ

 

Comments