
අපේ ගෙමිදුලේ රෝස, පිච්ච, බාබන්ඩේසි, අටපෙති, දාස්පෙති හා ඇන්තූරියම් වවලා තිබෙනවා. මේ මල් වැව්වේ අම්මා. අම්මාට මල් වවන්න මාත් නංගිත් උදව් වෙනවා. අම්මාගේ රෝසමල් වවා තියෙන්නේ පෝච්චිවලයි. රෝස ගස්වල මල් එන්න කියා අම්මා බිත්තර කටු කුඩු කර දානවා. බාබන්ඩේසියා පඳුරු වටේට පොල් ලෙලි අල්ලා ලස්සනට හදලා දුන්නේ තාත්තා. රතු, තැඹිලි රෝස පාට බාබන්ඩේසි මල් පිපුණාම හරිම ලස්සනයි. අටපෙති, දාස්පෙති ගස්වල මල් පිරිලා තැඹිලි පාටට. දාස්පෙති මල්වල සැර සුවඳට කෘමීන් පලවා හරින බව මං අහලා තියෙනවා.
පිච්ච මලුයි වතුසුදු මලුයි මුළු ගහ පිරෙන්න හැදෙනවා. හරියට සුදු රෙද්දක් එළුවා වාගේයි. හැමදාම උදේට ආච්චි පිච්ච මල් වට්ටියක් කඩා බුදුන්ට පූජා කරනවා. පිච්ච මල් හරිම සුවඳයි. අපි වතුසුදු මල් පූජා කරන්නේ හවසට බුදුන් වඳින්නයි.
අපේ මල් වත්ත මල්වලින් පිරිලා තියෙන්න මල් ගස්වලට සාත්තු කරන්නේ පාසල් නිවාඩු දවස්වලයි.
බිනුලි විහංසා අබේකෝන්
5 ශ්‍රේණිය,
සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ විද්‍යාලය,
මාතලේ