
උදෑසනින් පිබිදෙන්නේ
නිවසින් පිටවී යන්නේ
අප නින්දෙන් නැගිටින්නේ
අප නැහැ ඔහු දැක ගන්නේ...
රෑ අඳුරේ ගෙට එන්නේ
අපට සතුට ගෙන එන්නේ
මුවේ සිනා ඉතිරෙන්නේ
අප දැක ඔහු තුටු වන්නේ...
ළඟට අරන් හිස අතගා
යහ ගුණ දම් කියා දෙමින්
හොඳ මිනිසෙකු වන්නයි හෙට
කියා කියන්නේ තාත්තා...
ඒ. සඳසි තිලෝත්මා
8 ශ්‍රේණිය,
සුජාතා විද්‍යාලය,
මාතර.