ලියුම් පෙට්ටිය | සිළුමිණ

ලියුම් පෙට්ටිය

බඩ මහතට කට ඇරගෙන ඉන්නා මම යා‍ළුවන් කවුරුත් දන්නා ලියුම් පෙට්ටිය යි. මම මේ තාර පාර අයිනේ බෝ ගහ යටට ඇවිත් අවුදරුදු අනූවක් වුණා. මං ආව ඉස්සර දවස්වල නම් මගේ බඩ පිරිලා කට ළඟට වෙන කල් නැන්දලා, මාමලා, පුංචි යාළුවෝ ගොඩක් ලියුම් දානවා. ඒ කාලේ මට හරි සතුටුයි. ඒත් දැන් කාලේ ඉන්න පුංචි යාළුවෝ හරි කම්මැළියි. මගේ බඩට දැනෙන්න මට ලියුම් ලැබෙන්නේ නැහැ. අවුවට කර වෙවී වැස්සට තෙමි තෙමී මං බලන් ඉන්නවා ලියුම්වලින් මගෙ බඩ පිරෙනතුරු.

එන්. ඩබ්ලිව්. කේ. විශ්මිතා රාජපක්ෂ

4 ශ්‍රේණිය,

වැලිපතයාය ප්‍රථමික විද්‍යාලය,

බළන්ගොඩ

 

Comments