ලක් බිම සරු කළ අතීත රජවරු | සිළුමිණ

ලක් බිම සරු කළ අතීත රජවරු

ඉන්දීය සාගරයේ මුතු ඇටය, ධර්මද්වීපය වැනි උසස් නාමයන් මේ පුංචි දේශය හඳුන්වන නම්ය. අපේ මවු බිම මුතු තරමට වටිනා රටකි. ගුණ ධර්මයන්ගෙන් පෝෂණය වූ රටකි. අතීත රජවරු මෙවැනි කීර්තියක් ලංකා මාතාවට ගෙන දීමට තම ර‍ාජ්‍ය සමය මෙහෙයවූහ. සරුසාර අස්වැන්නක් ලක් පො‍ළොව සරු කරන ලද්දේ ජන ජීවිතය පෝෂණය කරමිනි. එසේම ගුණධර්මයන්ගෙන් ජනතාව පෝෂණය කරන ලද්දේ එය අත්‍යවශ්‍යම කරුණක් වූ නිසා මය.

දේවානම්පියතිස්ස, දුටුගැමුණු, සද්ධාතිස්ස, වළගම්බා, බුද්ධදාස, ධාතුසේන, Iවිජයබාහු, IIපරාක්‍රමබාහු, vIපරාක්‍රමබාහු වැනි රජවරු ඉන් කිහිප දෙනෙකි. මේ රජවරු තම රාජ්‍ය කාලය පොදු යහපත සඳහා යෙදවුහ. ඒ මඟින් සිදු වූයේ ක්‍රමයෙන් රටේ දියුණුව ඇති වීමයි. මිහිඳු මහරහතන් වහන්සේ උපදෙස් මත ලංකා දේශයට අගනා මෙහෙවරක් දේවානම්පියතිස්ස රජතුමාගෙන් සිදු විය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කරවීම, ථූපාරාමය ඉදිකරවීම, ඉසුරුමුනි විහාරය ඉදි කරවීම අගය කළ යුතුය. ඒ තුළින් සිදු වූයේ ජනතාවගේ ගුණ ධර්ම වඩාත් සරු වීමයි. තිසා වැව වැනි වැව් ඉදිකරමින් කෘෂිකර්මාන්තයේ පෝෂණය ද ඇති කළේය.

එළාර නම් දමිළ ආක්‍රමණික රජුගෙන් රට මුදාගත්තේ දුටුගැමුණු රජතුමාය. එම ජයග්‍රහණයෙන් පසු රටේ දියුණුව ඇති කරන්නට විය. රුවන්මැලි මහා සෑය, ලෝවාමහාපාය වැනි විස්මිත නිර්මාණ හේතුවෙන් ලක්දෙරණ ලෝකයේ ප්‍රසිද්ධ විය. මේ සියලු රජවරුන්ගේ උසස් ක්‍රියාවන්ගෙන් සිදු වූයේ රටේ ජනතාවගේ ගුණ ධර්ම මෙන්ම ආර්ථිකයද සරුසාර බවට පත්වීමයි.

උදානි එවන්යා සනුදිනි පීරීස්

9 ශ්‍රේණිය ‘බී’,

බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලය,

බණ්ඩාරගම

Comments