බුදුරජාණන් වහන්සේ බුදු වී මුල් විසි වස් කාලයේ දී දඹදිව සිව් දිශාවේ ම බුදුරදුන්ගේ කීර්ති නාමය ද මහා කරුණාව ද උන්වහන්සේගේ ස්ථානෝචිත ප්‍රඥාව පිළිබඳව ද පැතිරී ගියේය.
බුදුරජාණන් වහන්සේගේ අවසාන විසිපස් වසර මහා සංඝ රත්නයට ද බුදුරජාණන් වහන්සේට ද එතරම් යහපත් කාලයක් නොවීය. එම කාලයේදී මුහුණ දීමට සිදු වූ අභියෝග සියල්ල උන්වහන්සේ ඉවසීමෙන්, කරුණාවන්තව, මෛත්‍රියෙන් හා ස්ථානෝචිත ප්‍රඥාවෙන් ජය ගත්හ. එම කාලයේදී බුදුරජාණන් වහන්සේට අපමණ ලාභ, කීර්ති හා ප්‍රශංසා ලැබෙන්නට විය.
උන්වහන්සේට ලැබෙන කීර්ති හා ප්‍රශංසා ගැන නොසතුටු වූ පිරිස් අතර දෙව්දත් තෙර හා අන්‍යාගමික තීර්ථක පිරිස් ද වූහ. බුදුරදුන් පිළිබඳ සතුරුකමක් අන්‍යාගමික තීර්ථක පිරිස් ඇති කර ගැනීමට ප්‍රබලත ම හේතුව වූයේ බුදුරජාණන් වහන්සේගෙන් ශ්‍රී සද්ධර්මය අසා අන්‍යාගමිකයන් තෙරුවන් සරණ ගිය නිසා අන්‍යාගමික තීර්ථක පිරිසට ලැබෙන ගෞරවය හා සැප සම්පත් නැතිව යෑමය.
මෙනිසා තීර්ථකයෝ බුදුරදුන්ට නිග්‍රහ කිරීමට උත්සහ කළහ. බුදු රජාණන් වහන්සේ මේ සියල්ල ඉවසූහ. මින් අපගේ ශාස්තෘවරයන් වූ බුදුරජාණන් වහන්සේගේ තාදි ගුණය ප්‍රකට වෙයි.
බුදුරජාණන් වහන්සේගේ අවසන් විසිපස් වසරේ දී උන්වහන්සේ බොහෝ අසරණයන්ට සරණ වූහ.
ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණය සඳහා උන්වහන්සේ රජගහනුවර සිට කුසිනාරා නුවර දක්වාම පයින් ගමන් කර සිය දහස් ගණනක් ජනයාට ශීල, සමාධි, ප්‍රඥා වැඩීමේ අනුසස් කියා දුන් සේක. පසුව විශාල නුවරට වැඩම කොට වේලුව ගමට වැඩම කළහ. අවසන් වස් කාලය ගත කළේ මෙම වේලුව ගමෙහිය. ගම් නියම් ගම් පසු කොට වඩිනා බුදුරදුන්ට පාවා නුවරේදී චුන්දකර්මාර පුත්‍රයා දන් පිළිගැන්වීය. එය බුදුරදුන් වැළැඳූ අන්තිම දානයයි. ඉන්පසු කුසිනාරා නුවරට වැඩම කළ උන්වහන්සේට මඳ ක්ලාන්ත ගතයක් දැනිණි. එහිදී අවසන් නැවතීම වූ උපවර්තන සල්උයනේදී සල්ගස් 02ක් අතර සැතපීමට ආසනයක් පිළියෙල කළේය. බුදුරදුන් එදින රාත්‍රියේ පිරිනිවන්පානා බව දැන ගත් බොහෝ භික්ෂූහු හඬා වැලපුණහ. අරහත් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ අවසන් වරට චතුර්ථ ධ්‍යානයට සමවැදී පිරිනිවන් පෑ සේක. එම මොහොතේදීම මහ පොළොව කම්පා වී අහස ගුගුරන්නට විය. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු පරිනිර්වාණය ලොවට දැනුම් දෙමිනි.
ගවේෂ් දිල්හාර වික්‍රමරත්න
10 ශ්‍රේණිය,
ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසල,
කඩුවෙල.