“නයි නටවන ඇස් කරකා
සාස්තර බලන අත කියවා
රිළවා, බල්ලා, නයා නටවනා
මේ ඉන්නේ අහිගුණ්ඨිකයා
අහිගුණ්ඨික ජනයා ලෙස හැඳින්වන්නේ කණ්ඩායම් වශයෙන් තැන තැන සංචාරය කරන, ස්ථිර වාසස්ථාන නොමැති ජන කණ්ඩායමකි. පන්සිය පනස් ජාතක පොතෙහි “චම්ප්‍යෙය ජාතකය” ද සද්ධර්මරත්නාවලියෙහි “අහිගුණ්ඨික වත්ථු” ද ලෙසින් කියැවෙන්නේ අතීතයේ පවා ගමින් ගම ඇවිදමින් නයි නටවමින්. සාස්තර බලමින් දිවි ගෙවූ අහිගුණ්ඨික නම් ග්‍රෝත්‍රිකයෝයි. ඉන්දීය කුර්වර් ගෝත්‍රයට සමානකම් දක්වන බවට පර්යේෂකයන්ගේ අදහසයි. ලංකාවේ “උතුරු මැද, නැගෙනහිර පළාත්වල බහුලවම සැරිසරන අහිගුණ්ඨික ජනයාටම ආවේණික වූ බස් වහරක්, සිරිත් විරිත් ආදිය තිබේ. ඔවුන්ගේ බස් වහර ඉතා ප්‍රිය ජනකය.
මා මුලින්ම අහිගුණ්ඨික ජනයා දුටුවේ කළුතර කළු ගඟ ආසන්නයෙහි වැලි බිමක කූඩාරම් අටවාගෙන සිටියදීය. ඔවුන් එදා කතා කළ වචන කීපයක් ද මට මතකය. එය “තාලෛ, කදව, ඉරමන්” ඒ කිහිපයකි. එම දිනය පෝය දිනයයි. මම පියාගෙන් ඔවුන් කවුරුන්දැයි විමසිමි. ඒ ‘අහිගුණ්ඨිකයෝ’යි පියා පිළිතුරු දුන්නේය.
ඔවුන්ගේ ජීවිත හා සිරිත් විරිත් ද ඉතා සරලය. ඔවුන්ගේ ජීවිත කර්කශ ලෙස අපට පෙනුණත් ඔවුන් කල් ගත කරන්නේ සතුටෙනි.
ස්වෙන්කි පෙරේරා
7 ශ්‍රේණිය ‘ඩී’,
කළුතර බාලිකා ජාතික පාසල,
කළුතර