
එදා නිවාඩු දවසක්. මල්ලීට තරමක් උණ තිබුණි. මමයි අම්මයි රන්න රජයේ රෝහලට ගිහින් බෙහෙත් ගෙනාවෙමු. දොස්තර මහත්තයා මල්ලීගේ පපුවට සහ පිටට නලාව තියලා බැලුවා. කට අරින්න කියලා ටෝච් එකකින් බැලුවා. ඉන් පස්සේ බෙහෙත් තුණ්ඩුවක් ලියලා දී බය වෙන්න එපා. මේ දවස්වල වයිරස් උණක් තියෙනවා යැයි කිව්වා. දවස් දෙක තුනකින් අඩු වුණේ නැත්නම් ආයේ පුතාව එක්ක එන්න කිව්වා.
ගෙදර ආවාම මල්ලී බෙහෙත් පෙති එකයි බීවේ. අනේ මට බැහැ අනේ මට බැහැ තිත්තයි කියලා ගේ වටේ දිව්වා. අනේ පුතේ මේ තව පෙති දෙකයි; ඒකත් බොන්නකෝ. අම්මා මල්ලී පස්සේ දිව්වා. මට බැහැ, මට බැහැ කියලා මල්ලි අඬන්න ගත්තා.
ඔය සද්දේ ඇහිලා අල්ලපු ගෙදර සුදු නැන්දා දුවගෙන ආවා.
චූටි පුතේ ඔයා බෙහෙත් පෙත්ත බිව්වොත් මම ඔයාට ලස්සන රස දෙයක් දෙනවා කිව්වා. මල්ලී ඇඬිල්ල නවතලා බෙහෙත් බිව්වා. සුදු නැන්දා රතුම රතු පාට රඹුටන් ගොඩාක් පෙන්නුවා. මල්ලී ඉක්මනට බෙහෙත් බිව්වා. අපි සැමටම හිනා.
ජේ.පී. ධනුෂිකා චමෝදි
9 ශ්‍රේණිය,
නෙටොල්පිටිය ගැමුණු මහ විද්‍යාලය,
හම්බන්තොට.