
අතීත ජපානයෙහි ගමන් බිමන් යන විට භාවිතා කරන ලද්දේ උණ පතුරු සහ කඩදාසිවලින් සෑදු ලන්තෑරුම් විශේෂයකි. එය ඉටිපන්දම් ගසා පාවිච්චි කරන ලදී. එක් අන්ධයකු මිතුරෙකු හමුවීමට ගොස් රාත්‍රීයෙහි පෙරළා එන්නට සැරසෙන විට ඔහුට එබඳු ලන්තෑරුමක් දල්වා දෙනු ලැබිණ.
“මට ලන්තෑරුමක් උවමනා නෑ. රෑයි දවාලයි දෙකම මට එකයි.” අන්ධ මිතුරා පිළිතුරු දුන්නේය.
“ඔව්, ඔබට පාර හොයාගන්න ලන්තෑරුමක් වුවමනා නැති බව මං දන්නවා. ඒත් ඔබේ අතේ ලන්තෑරුමක් නොතිබුණොත් වෙන මිනිස්සු ඔබේ ඇඟේ හැප්පෙන්න පුළුවන්” අනික් මිතුරා උත්තර දුන්නේය.
අන්ධයා ලන්තෑරුම රැගෙන ගමන පිටත් විය. වැඩි දුරක් යෑමට මත්තෙන් එක් පුද්ගලයෙක් ඔහුගේ ඇඟේ හැප්පුණේය. අමුත්තා ඔහුට බැණ වැදිණ.
“ඇස් දෙක පොට්ටවෙලා ද? කොහේ බලාගෙනද යන්නේ?”
“ඇයි තමුසෙට මේ ලන්තෑරුම පෙනුණේ නැද්ද?”
“මිත්‍රයා, ඒකේ ඉටිපන්දම නිමිලා.” අමුත්තා පිළිතුරු දුන්නේය.
(උපුටා ගැනීම ජපන් සෙන් කතා)
සශ්මික ප්‍රභාෂ්වර
6 ශ්‍රේණිය ‘ඊ’,
නාලන්දා විද්‍යාලය, කොළඹ 10.