
ජලය යනු සොබාදහම් මාතාවගෙන් අපට ලැබුණු සම්පතකි. ජලය අපගේ ජීවිතය රැක ගැනීමට අත්‍යවශ්‍ය වෙයි.
ජලය ලබාගත හැකි ආකාර බොහෝ තිබේ. වර්ෂාව, යනු අප ජලය ලබාගන්නා ප්‍රධානම මූලාශ්රයයි. වර්ෂාවට අමතරව ගංගා, ඇළ දොළ, ළිං, පොකුණු සහ ජල උල්පත් මඟින් අප හට ජලය ලබාගත හැකිය.
නමුත් වර්තමානයේ ඇතැම් මිනිස්සු හා ජලය අපවිත්‍ර කරති; සතුන් සහ වාහන ගංගා ඇළ දොළවල සෝදති; ගංගාවලට අපද්‍රව්‍ය දමති; එමෙන් ම ගස් කපති. එම නිසා ගංගා ඇළ දොළ සහ දිය උල්පත් සිඳී යයි. ජලය හිඟවෙයි. මිනිසුන් සතුන් සහ ගස්වැල් වඳවී යයි. මුළු ලොවම අප්‍රාණික වෙයි. තවද විවිධ ලෙඩ රෝග බෝවෙයි. කොටසක් මෙසේ වුවත් ඇතැම්හු පරිසරයට ගහකොළට ආදරය කරති. ඔවුහු පැළ සිටුවති. ගංගා ප්‍රතිසංස්කරණය කරති. වැව් අමුණු සාදති. ඇතැම් දෙනා ගංගාවල වැලි ගොඩ දමද්දී හොඳ මිනිස්සු එම ක්‍රියා නතර කර ලොව කරති. අපිත් පැළ සිටුවමු. ජලය රැකගනිමු.
එච්.පී. තමිඳු පද්මිර
7 ශ්‍රේණිය ‘ජී’,
ධර්මපාල විද්‍යාලය, පන්නිපිටිය