නියම වාස­නාව | සිළුමිණ

නියම වාස­නාව

එක්තරා ධන කුවේ­ර­යෙක් සෙන්ගායි තුමා හමු වී තම පර­පු­රට වාස­නාව පිණිස හේතු­වන ශ්‍රේෂ්ඨ ප්‍රකා­ශ­යක් ලියා දෙන ලෙස ඉල්ලීය. එය පර­ම්ප­රාවේ වස්තු­වක් ලෙසින් සැල­කෙ­න්නට සල­ස්වන බවද පැව­සීය. විසල් කඩ­දා­සි­යක් ගත් සෙන්ගායි එහි මෙය සට­හන් කළේය.

‘පියා මැරේ. පුතා මැරේ. මුනු­පුරා මැරේ.’

ධන කුවේ­ර­යාට කේන්ති ගියේය. “මං කිව්වෙ අපේ පවුලේ සන්තෝ­ෂ­යට හේතු­වන ශ්‍රේෂ්ඨ ප්‍රකා­ශ­න­යක් ලියන්න කිය­ලයි. තමු­න්නාන්සේ මොකක්ද මේ ලියපු විහි­ළුව?”

ලියූ දේ පැහැ­දිලි කළ සෙන්ගායි, “මෙතැන කිසිම විහි­ළු­වක් නෑ. ඔබට කලින් ඔබේ පුතා මළොත් එය ඔබට විශාල දුකක්. එසේම ඔබේ මුනු­පුරා ඔබේ පුතාට පෙර මළොත් ඔබ දෙදෙ­නා­ටම එය ඉව­සන්න නොහැකි වේද­නා­වක්. ඉතින් ඔබේ පවුලේ හැම පර­පු­රෙ­හිම මරණ මා ලියූ අනු­පි­ළි­වෙ­ළට සිදු­වූ­වොත් එය මර­ණය පිළි­බඳ කිසි­යම් ස්වභා­වික ක්‍රම­යක්. අන්න එහෙම සිද්ධ වෙන­වට තමයි නියම වාස­නාව කියලා මං කියන්නේ.”

(උපුටා ගැනීම:- ජපන් සෙන් කතා­වක් ඇසු­රෙනි.)

ආර්.එම්. සශ්මික ප්‍රභාස්වර
6 ශ්‍රේණිය ‘එච්’,
ඩී.එස්. සේනා­නා­යක විද්‍යා­ලය,
කොළඹ 07.

Comments