
දෙදහස් දහඅට වසර නිමා වී
දහනම වසරක උදාව ළං වී
සැමගේ හදවත් කිරි උතුරා වී
නව වසරට ආසිරි එක් වේවි
පෙර කළ වැරදි නිවැරදි කර හදාගෙන
එවන් වැරදි නොවනා ලෙස ඉටාගෙන
තිසර කිරෙන් දිය වෙන් කරනා ලෙසින
යහපත් බිජුවට පමණක් වපුරමින
නැවුම් පැතුම් හදවත් තුළ ඉතිරේවා
සාමයෙ සීනු හඬ ලෝකයෙ පැතිරේවා
දම්සිත් පහළ වී ගුණ දම් රැකේවා
ඔබේ පැතුම් නව වසරේ ඉටුවේවා
ඒ.එච්. බුද්ධිකා සංජීවනී
12 - ඒ ශ්‍රේණිය,
බප/කොත්/ හැදුණුවැව මධ්‍ය මහා විද්‍යාලය,
හැදුණුවැව.