සීතල රැයේ | සිළුමිණ

සීතල රැයේ

උඳු­වප් මහේ සීතල රැයේ
පුංචි ගව­හලේ ජේසු ඉප­දුණේ..
ජේසු බල­න්නට රජුන්ට එන්නට
වල්ගා තරු­වක් පාර පෙන්නුවේ....

එළු පැට­වුන් වසු පට­වුන්
බැටළු පැටවු එඩේ­රුන්ද
ගව ඔරුවේ ඉන්න කුමරු
වටා රොක් වුණේ...

මරිය මැණි ජුසේ පියා
හරි හුර­තල් ජේසු බිලිඳු
ගව ඔරුවේ හිනැ­හෙ­නවා
දැක සතුටු වුණේ...

ළු ලොව­ටම සාමය ගෙන
මුළු ලොව­ටම සතුට බෙදූ
අපේ ආදර ජේසු බබා
ලොවට ඉප­දුණේ

සේරා පෙරේරා
5 ‘ඊ‘ ශේණිය,
ශුද්ධ වූ පවුලේ කන්‍යා­රා­මය,
බම්බ­ල­පි­ටිය.

Comments