
සඳ කොමළිය හනි හනිකට බැසයන්නේ
හිරු කුමරා කන්ද උඩින් නැඟඑන්නේ
මල් අසිරිය විඳිමින් විකසිත වන්නේ
සියල් සමඟ නැවුම් දිනක් ඇරඹෙන්නේ
ගොවියන් උදලුත් අරගෙන රිසි සේ
පාසල් ළමයින් දුවමින් විගසේ
සියොතුන් අහර සොයා යන විලසේ
දවස ගෙවන්නට හැමදෙන සැරසේ
පාට පාට මල් නෙතට ප්‍රියක් දේ
සුවඳ හමන විට ප්‍රබෝධමත් වේ
දැකුමෙන් අපෙ මන දොළ පිනවේ
හිමිදිරි අසිරියෙ හොඳහිත පැතිරේ
ලසඳ ඔෂාන් විජයානන්ද
13 ශ්‍රේණිය,
ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය,
බළන්ගොඩ.