
දෑල යා කර
තැනුවා ම එදා පාලම
කාටත් හොරෙන් ඉකි බිඳ
හැඬුවා එදා ගංගාව
ඉවුර ගාවින් යන කොට
අමතා සෙමෙන් මා හට
යන්නැද්ද ඔරු ආයෙම
තොටුපළ ගාව පාළු ද?
කෙඳිරුවා ඇය
දිය පොදක් ගෙන දෝතට
තෙමා දා තොල කට
හිස වනා ඈ වෙත
ඔව් යැයි පැවසුවෙමි සිතු ලෙස
නිසල විය ඇය තවත්
තෙමුවේ ද නැත දෑල කඳුළින්
කීවා යා යුතුය බෝ දුරක්
ජීවිතය දැකගන්න ආයෙමත්
ඩබ්. කවිඳු දිල්ෂාන්
11 ශ්‍රේණිය,
ඇහැලියගොඩ ම.ම.වි. ,
රත්නපුර.