මහින්ද හිමි තම අද­හස් ලිය­මින්නේ | සිළුමිණ

මහින්ද හිමි තම අද­හස් ලිය­මින්නේ

තම නිජ­බිම නොවු­ණත් මේ අපේ රට
රට දැය සමය නිත­රම රැක ගැනී­මට
සිහළ දනන්ගේ නෙත් යුග ඇරී­මට
කඩු­වට වඩා පෑනේ බල උසස් කොට

පෑනේ සවිය තම දෝතට අර­ගන්නේ
වීර සිතුම් අකුරු වලට හර­ව­මිනේ
සිහළ ජාති­යට නව පණ පොව­මින්නේ
මහින්ද හිමි තම අද­හස් ලිය­මින්නේ

මහින්ද හිමිගේ ඇසු­රට පත්වෙන්නේ
වැටී සිටිය සිංහ­ල­යන් නැගි­ටින්නේ
තම ජාතියේ ඉදි­රිය ගැන සිත­මින්නේ
පින්බර දේසෙ­කට තම දිවි පුද­මින්නේ

සිරි­ලක් මවගෙ අබි­මන ගැන නිති සෙව්වා
ඒ වෙනු­වෙන් තම යුතු­කම් ඉ‍ටු කෙරුවා
කවි සිති­විලි වලින් හැම ඔප­වත් කෙරුවා
මන­රම් කවි­ව­ලින් රට දැය සැන­සුවා

ඒ.එච්.බුද්ධිකා සංජී­වනී
12 ශ්‍රේණිය,
හැදු­ණු­වැව මධ්‍ය මහා විද්‍යා­ලය,
හැදු­ණු­වැව

Comments