බල්ලන්ට පාට පේන­වද? | සිළුමිණ

බල්ලන්ට පාට පේන­වද?

අපිට අහන්ට බැරි ඉතා සියුම් සද්ද බල්ලන්ට සූක්ෂ්ම අන්ද­මට ඇහෙ­නවා. එසේම අපට නොදැ­නෙන ගඳ සුවඳ බල්ලන්ට ඉතා හොඳින් දැනෙ­නවා.

අපි ඈතට විසි කරන බෝල­යක් බල්ලා ඇහිලූ පසු ඌ ඒ බෝලය මොන පාට ද කියල දන්නෙ නෑ. හේතුව බල්ලන්ට පාට පෙන්නෙ නෑ. රතු, කහ, දුඹුරු, නිල් මේ හැම පාටක්ම ඌට පෙනෙන්නේ කළු පාටට.

මෙසේ වීමට අපි හේතු විමසා බලමු. අපේ ඇස්වල රූප වැටෙන ‘දෘෂ්ටිවිතා­නය’ (Retina) රූපය ගැන සංවේද ලබා­ගන්නා සෛල වර්ග දෙකක් පිහිටා තිබෙ­නවා. එහි එක් වර්ග­යක් කේතු ආකා­ර­යට පිහිටා ඇත. අනෙක් වර්ගය පොලු වගේ පිහිටා තිබේ. එම සෛල, යෂ්ටි සෛල නමින් හඳු­න්වයි. අඩ අඳු­රේදී පෙනීම ලබා­දෙන්න මෙම යෂ්ටි සෛල වුව­ම­නා වේ. ඒත් මෙම සෛල­ව­ලට පෙනෙන රූපය කළු එකක් වේ. පාට හඳු­නා­ගන්නේ කේතු සෛල මගිනි.

මිනි­සුන්ගේ ඇස්වල රූප වැටෙන දෘෂ්ටිවිතා­නයේ යෂ්ටි සෛලත්, කේතු සෛලත් පිහිටා තිබේ. එම නිසා මිනි­සුන්ට විවිධ පාට වෙන් වෙන්ව හඳුනා ගැනී­මට පුළු­වන. ඒත් බල්ලන්ගේ තිබෙන්නේ යෂ්ටි සෛල පම­ණයි. එම නිසා ඕනෑම වර්ණ දෙයක් බල්ලන්ට පෙනෙන්නේ සුදු කළු වශ­යෙනි. මේ අනුව සොබා­ද­හම මිනි­සුන් සහ සතුන් අතර පර­ත­ර­යක් තබා ඇති බව පෙනේ.

එනිදු සුප­සන් ප්‍රේම­සු­න්දර
6 ශ්‍රේණිය ‘සී’,
කේරි විද්‍යා­ලය,
කොළඹ 08.

Comments