
කියැවීම ඉතා ප්‍රයෝජනවත් විනෝදාංශයකි. අපගේ විවේක කාලය ප්‍රයෝජනවත් අයුරින් ගතකිරීමට එය අපට උපකාරී වෙයි. පොත්පත් අපගේ මිතුරන් ලෙස සැලකිය හැකි ය. ‘කියැවීම පූර්ණ මිනිසෙකු තනයි’ මෙය ප්‍රැන්සිස් බේකන් සාමිවරයා විසින් පළ කළ ශ්‍රේෂ්ඨ කියමනකි.
මම පාසල් පුස්තකාලයේ සාමාජිකයෙක් වෙමි. මා වරකට පොත් දෙකක් ලබා ගන්නා අතර ඉන් එකක් සිංහල පොතකි. අනෙක ඉංග්‍රීසි පොතකි. මම ඒ පොත් දෙසතියක් තබාගෙන කියවා හමාර කරමි.
පොතපත කියැවීමෙන් අපට ආස්වාදයක් ලැබේ. ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ චරිත කතා කියැවීමෙන් අපට ඔවුන්ගේ යහපත් ගතිගුණ ඉගෙන ගත හැකිවේ. කියැවීමෙන් අපට අපේ දැනුම දියුණු කරගත හැකි ය. අපි නවකතා, කෙටිකතා, සඟරා සහ පුවත්පත් කියවමු. එසේ ම විවිධ විෂයන් යටතේ ලියැවුණු පොත් ද කියවන්නෙමු.
පොත්වල මූලික වශයෙන් අඩංගු වන්නේ දැනුම ය. එම නිසා පොත් කියැවීමෙන් අපට විෂයයන් ගණනාවක් පිළිබඳ දැනුම ලබාගත හැකි ය. “දැනුම බලය වේ” යනුවෙන් කියනු ලැබේ. දැනුම ලබාගත හැකි හොඳම මාර්ගය නම් පොත් කියැවීමයි.
එස්. තරුෂි නතාෂා ප්‍රනාන්දු
10 ශ්‍රේණිය ‘බී’,
ශාන්ත ලෝරන්ස් කන්‍යාරාමය,
වැල්ලවත්ත.