
දම් පැහැ රත් පැහැ දිදුලයි කුසුම් පිපී
දිනකර පායමින් නැඟ එයි අඳුර කැපී
පාරේ කොනක තල ගොයියෙක් අව්ව තපී
සුදු වැලි පාගමින් ගමනේ යෙදෙමු අපී
කඳු වැටියෙහි උඩින් දිනකර මතුව පෙනේ
ගම්මානයේ පැල්පත් වෙත එළිය ගෙනේ
සියොතුන් නඟන කන්කලු නාදයෙන් අනේ
මා හද සනසමින් සතුටක් ගෙනෙනු දැනේ
සීතල මඳනලින් තුරු වැල් සෙලවෙන්නේ
මුළු ගම්මානයම සිසිලෙන් පුරවන්නේ
සුදු කොක්කුන් රෑනක් සේ දිස්වෙන්නේ
ලොකු පොඩි ළමයි සිප්හල වෙත පියමැන්නේ
හිසට ජටාවයි සරමයි ගතේ ඇත
උදැල්ලකුයි ලබුකැටයයි සුරතෙ ඇත
තම ගත සවිය තිබෙනා තුරු වෙහෙස වෙත
දහඩිය වගුරමින් සපයයි අපට බත
අප ගම මැදින් ගලනා සුන්දර කොමලී
නිල් දිය සුන්දරයි සියපත් රේණු සැලී
සුදු පෙණ සාදවයි ඉදුනිල් දියෙහි සුලී
මුළු ගම ජීවයෙන් පුරවයි ගං කොමලී
ඩී.එම්. උමේෂ් ධනංජය
10 ශ්‍රේණිය,
ඩවෙල මහා විද්‍යාලය,
ඕමල්පේ.