
අතීතයේ මිනිස් අවශ්‍යතා සීමිත වූ අතර රාත්රියේදී ගෙදොර කටයුතු කරගැනීම සඳහා කුප්පි ලාම්පුව ප්‍රමාණවත් විය. නවීන තාක්ෂණයේ දියුණුවත් සමඟ සංකීර්ණ කටයුතු පහසු කරගැනීමෙහිලා විසඳුම් සෙවීමේ ප්‍රතිඵලයක් වූයේ “විදුලියයි”.
බොහෝ මිනිස් ශ්රමයකින් නිම කිරීමට තිබූ දෙය අද වන විට විදුලිය භාවිතයෙන් පහසුවෙන් ඉටු කර ගැනීමට සමත්වේ. විදුලිය ලොවට හඳුන්වාදීමත් සමඟ විදුලි බල්බ, රූපවාහිනි, පරිගණක ආදි නොයෙකුත් දේ ලොවට බිහිවිය.
වර්තමානයේ විදුලිය පරිභෝජනය ඉහළ යමින් පවතී. අප රටේ විදුලිය නිපදවෙන බහුල මාධ්‍යයක් වන්නේ ජලයයි. මේ නිසා දැන් විකල්ප බලශක්ති උත්පාදනය සඳහා ද අවධානය දැඩිව යොමුව පවතී.
නුවන් දුමිදු රණසිංහ
12 ශ්‍රේණිය,
සාන්ත ජෝශප් විදුහල,
නුගේගොඩ.