
වැඩට යන්නත් පොළට යන්නත් කෝකටත් තෛලය වගේ
තාත්තාගේ සන්තකේට ම තිබූ වටිනා එකම දේ
රෑට පමණක් නොව දවාලෙත් ලැඟුම් ගත්තේ ඇතුළේ ගේ
රනින් නිම වූ දෙයක් වාගෙයි පා පැදිය ඔහු හට අගේ
දිනපතා අතගා බලයි පැය දෙක තුනක් ලොබ බැඳ තොසේ
සිඹින්නේ නැති ටික විතරමයි එය ඔහුට එය අප වගේ
කල් බලන්නෙමි යමින් පාදය දමා පැදුමට හෝ තොසේ
අගුල දැමුවත් යතුර සඟවයි තාත්තා සිත දුටුව සේ
සැදී පැහැදී අපේ පහසුව සැලසූ කන්තක අසු වගේ
අවේලාවද නොව ද සලකා මහලු වනතුරු ගත ඔබේ
ලක්ෂ ගණක් දී මිලට ගැණුනත් රෝද හතරේ රිය ඔහේ
තාත්තාගේ බයිසිකලයට, අලගු තැබුමත් නැත අගේ....
හරින්ද්‍යා සෙව්වන්දි
10 ශ්‍රේණිය ‘ඩී’,
ගෝතමි කනිටු විදුහල,
ගම්පහ.