
දුකේදී සැපේදී ඔබ නිති මා ළඟ රැඳෙන්නේ
හැමදුකකදීම ඔබ මා සිත සනසාලන්නේ
ගෙවෙනා හැම තප්පරේ මා වෙනුවෙන් කැපවෙන්නේ
මතු ලබනා හැම දිවියෙම මගෙ ඉටුදුව ඔබ වෙන්නේ
පායන හිරු මෙන් විශ්වාසය මට දුන් මගෙ අම්මේ
දිය ඇල්ලක සිසිලක් මෙන් සෙනෙහස මට දෙන අම්මේ
වැවක ජලය කෙත්වතු සරුකර දෙනවා මෙන් අම්මේ
මගෙ දිවියම සරුකරන්න ඔබ වෙහෙසෙනවා අම්මේ
මදුෂි නිවුදුලා අමරසිංහ
9 ශ්‍රේණිය ‘එෆ්’,
ගන්තිරියාගම මහින්ද විද්‍යාලය,
අනුරාධපුරය.