
පොතක් යනු අප ආදරයෙන් පරිහරණය කළ යුතු දෙයකි. ඒ ඇයි ? පොතකින් අපට කොතරම් දැනුමක් ලබා ගත හැකිද?
විවේකයක් ලද සෑමවිටම පොතක් රැගෙන කියවීමට මම ප්‍රිය කරමි. ලෝවැඩ සඟරාව, සිරිත් මල්දම, අඹ යාළුවෝ, ගඟ අද්දර කැලේ මා කැමතිම පොත් වේ. විභාගයක් සමත් වීමට පොත්පත් කියවිය යුතුයි. පොත් කියවීමෙන් අපට ගොඩක් දැනුම ලැබේ. ඒ දැනුමෙන් අපට රටේ හොඳ දැනඋගතුන් බවට පත් විය හැක. ඒ නිසා පුංචි ඔබත් මා මෙන් නිතර පොතක් කියවන්න. ඇතැම් වෙලාවකට පොත් කියවීම නිසා මම අම්මාගෙන් බැණුම් ද අසමි. එහෙත් මේ ලස්සන පොත් මට ගෙනත් දෙන්නෙත් මගේ අම්මාය.
පුංචි මම සැමගෙන් ඉල්ලන්නේ හැමදේ ගැනම දැනගන්න පොත් කියවන ලෙසය. එවිට ඔබත් සමාජයේ බැබළෙන තරුවක් වේවි.
සුහර්ෂා නිර්වානි ඇටම්පොළ
5 ශ්‍රේණිය,
වඩුමුන්න කනිෂ්ඨ විද්‍යාලය,
කුරටිහේන.