ළහිරු මඬල | සිළුමිණ

ළහිරු මඬල

ඇහැ­ළේ­පොළ

කුමා­ර­ිහාමි වෙමි මම
හිමි­යන් කළ වරද
අප හිස මත වැටුණා
මගෙ දරු­වොත් මමත්
සිරි­බත් කති මෙදිනා
කුරිරු රාජ­සිහ රජුගේ අණ ඇසෙනා
දං ගෙඩි­යට හිස දුන්නා
ම පුතු වීර­යකු ලෙසිනා
බිලි­ඳිය කොට­න්නයි රජ අණ ලැබුණේ
පියවි සිහිය නැති­වුණා දැනිණි මට මේවේලේ
පියවි සිහිය ලැබෙනා විට නැවත මට
ගලක් බැඳ හමා­රය මගෙ ගෙල වටට
මොහො­තක් ගත­විය මා පොර බදිමි
බෝග­ම්බර වැවේ නිල් දිය රැල්ල මත

බී.එච්. මදාරා දිසා­නා­යක
9ශ්‍රේණිය ‘සී’,
ශාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යා­ලය,
ගම්පොළ


කිරි වෙහෙර

‍පොලොන්න­රුවේ ආලා­හන පිරි­වෙන් භූමියේ පිහිටි කිරි වෙහෙර මහ පරා­ක්‍ර­ම­බාහු රජු විසින් ඉදි­කර ඇත. සුභද්‍රා බිසව සිහි­වීම පිණිස ඉදි­කර ඇති මේ වෙහෙර උසින් මීටර් 24 ක් හා වට ප්‍රමා­ණ­යෙන් මීටර් 25.40 ක් වෙයි.

වෙහෙර වාහ­ල්කඩ හා ප්‍රතිමා ගෘහවලින්ද සම­න්වි­ත වේ. ප්‍රධාන ප්‍රවේ­ශය නැගෙ­න­හිර දිශා­වෙනි. කිරි වෙහෙර යන නම ලැබී ඇත්තේ එය සුදු පැහැ­යෙන් යුත්ත වූ නිසා­වෙනි. දකුණු ඉන්දිය ආක්‍ර­ම­ණ­යෙදී අවම හානි­යක් වූ එකම ස්ථානය ලෙස හඳු­නා­ගෙන ඇත. පෞරා­ණික ලක්ෂණ මනාව පෙන්නුම් කරයි. වාස්තු විද්‍යා­ත්ම­කව හා පුරාවිද්‍යා­ත්ම­කව වැද­ග­ත්කම් ඇති සිද්ධ­ස්ථා­න­යකි.

ඉෂාන් උද­යංග
12ශ්‍රේණිය,
හීන­ටි­ගල ශාරි­පුත්‍ර මහ විද්‍යා­ලය,
තල්පේ


මා උපන් මගේ රට

ඉන්දීය සාග­රයේ මුතු ඇටය ලෙස ශ්‍රී ලංකාව ප්‍රසි­ද්ධය. මා ඉප­දුණු රට නිසා ශ්‍රී ලංකාව මගේ මවු­බිම ලෙස හඳු­න්වයි. අපේ රට පෘතු­ගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ජාති­ක­යන්ට යටත්ව තිබිණි. ඔවු­න්ගෙන් රට බේරා­ගැ­නීම සඳහා එදා වීරයෝ දිවි පිදූහ.

එලෙස දිවි පුදා රට බේරා ගෙන අප රටට නිද­හස ලැබුණේ 1948 පෙබ­ර­වාරි හතර වැනිදා ය.

අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යන ජාතීහු හත­රක් ජීවත් වෙති. මගේ රට සරු­සාර පොළො­ව­කින් සහ මල්, ගස්, වැල් පඳු­රු­ව­ලින් යුත් වනා­න්තර රාශි­ය­කින් යුක්තයි. මගේ රට ඉතා සුන්දර අලං­කාර රටකි.

සදිති රුවි­නිමා
3 ශ්‍රේණිය ‘එස් - බී’,
බෞද්ධ කාන්තා විද්‍යා­ලය,
කොළඹ.


මගේ රට

පෙර­දිග ලෝකයේ බබ­ළන මුතු ඇට­යයි
ඒ නාම­යෙන් මගෙ රට සැමදා දිදු­ලයි
රන්වන් කරලින් පිරි­පුන් අපේ කෙත් යායයි
මේ බිම උප­දින්න මම හරි පින්කා­රයි

එම්.ජී.එන්. ලක්ෂාණි
7 ශ්‍රේණිය,
කල්තොට දකුණ ඉවුර විද්‍යා­ලය,
වැලි­පත,
බළ­න්ගොඩ


සුළඟ

මඳ සුළං හම­නවා
ගස් කොළන් සැලෙ­නවා
මගේ ඇගේ වැදෙ­නවා
විඩා නිවෙ­නවා

මල් පොකුරේ හැපෙ­නවා
සුවඳ සුළ‍ඟෙ එතෙ­නවා
හැම තැන­කම දුව­නවා
මගේ හිතට සතුට දැනෙ­නවා

රන්දි මෙත්නුලී බාල­චන්ද්‍ර
2 ශ්‍රේණිය ‘ඩී’,
ශ්‍රී මේධං­කර මහා විදු­හල,
හොරණ.

Comments