
වෙනදාට වඩා කඩිසරව අවදි වී සුදානම් වූයේ දුම්රියෙන් මඩකලපු යෑමටයි. මම අම්මා, අප්පච්චී, අක්කා හා අයියා සමඟ උදෑසන 6 ට නිවෙසින් පිටත්වී උදෑසන 6.30 ට පමණ පොල්ගහවෙල දුම්රිය ස්ථානයට ආවෙමු. 7.10 ට පොල්ගහවෙලට ළඟා වූ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රියේ දෙවැනි පන්තියේ වෙන් කළ ආසන ඇති මැදිරියට අපි නැග්ගෙමු. මහව මංසන්දියේදී අප ගිය දුම්රියේ ඉදිරිපස තිබු එන්ජිම පසු පසට සවි කළ ආකාරය නැරඹුවෙමු. එතෙක් වේලා ඉදිරියට ගිය අප පසුපසට යනවා සේ මට දැනිණි.
ගල්ඔය දුම්රිය ස්ථානයට ළඟා වී මඩකලපුව මාර්ගයේ යද්දි ගල්ලෑල්ල ප්‍රදේශය ජලයෙන් යට වී තිබෙන ආකාරය මා දුටුවේ ටික දුරක් යද්දී මහවැලි ගඟ පෙනෙනවිටය. ගල්ලෑල්ල පසු කර වන ළැහැබවල් මැදින් දුම්රිය යද්දී දුටු පිල් විදහා රඟන මොනරුන් හා ගස් අතු අග ලැග ඇති සෙබඬුන් අප සැමට මනස්කාන්ත දර්ශනයක් විය. දුම්රිය මඩකලපුව දුම්රිය ස්ථානයට ළඟා වූයේ සවස 3.30 ට පමණය. අප නවාතැන් ගත්තේ මඩකලපුව සමුපකාර සමිති ශාලාවේය. නගර සිරි නරඹා විවේකගත් අප නින්දට ගියේ පසුදා යළි තවත් තැන් නැරැඹීමට යන අදහසිනි.
පසු දින උදෑසන අවදි වූ අපි පාසිකුඩා වෙරළට ගියෙමු. අනතුරුව අපි කල්අඩි පාලම ද නැරැඹුවෙමු.
රාත්‍රී 7 ට පමණ ආපසු ඒමට දුම්රියට ගොඩ නැගුණු අප නිවෙසට ළඟා වන විට පසුදා පාන්දර 5 පමණ විය. ඒ මඩකලපු ගමන මට කිසිදා අමතක නොවන්නකි.
කවිත්‍රි දිමාෂා අමරසිංහ
8ශ්‍රේණිය ‘ටී’,
ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය,
තෝලංගමුව.