
කිඹුල් වත අතරමැදි ලුම්බිනිය පිපි සාල
එළිය කරනට පෑයු පින්සාර සඳ මඩල
සිඟිති පා කමල් පිළිගන්ට පිපි පත් කමල
මැවී පෙනුණද සිතට දැනෙයි ඒ බුදු සිසිල
බෝ සතුන් මරු දිනා ගලා ගිය අමා දිය
සුදු වාළුකා මතින් ගංදියට මුසු වීය
ඒ දියෙන් සසර ගිනි නිවාගත් අය බෝය
නමුදු තව අප වාලුකා තෙරේ වැලි කැටය
පෙරදිනක නොවු ලෙසට කුසිනාව දුක් බරය
කලට නොපිපෙනා මල් සුවඳ දී පිබිදේය
අනද හිමි නෙත් අගින් කඳුළු බිදු වෑහේය
ඒ කඳුළු බිඳු වැටී පහන් සිල නිවුණේය
බුදු සමිඳු දැක ගන්න මට පින් මදය
නමුදු ඒ බුදු වදන කන් වැකේ දිව රෑය
දම් මගෙහි පමාවී සසර ගිනි ගොඩ ගසන
මා කෙලෙස පුදන්නද බුදු හිමිට උපහාර
ආර්. පී. එරන්දි පමුදිකා පතිරණ
12 ශ්‍රේණිය ‘ඒ’,
මධ්‍ය විද්‍යාලය ,
කුලියාපිටිය.