මාතර ශාන්ත ‍තෝමස් අපේ පාසල | සිළුමිණ

මාතර ශාන්ත ‍තෝමස් අපේ පාසල

“රටවල් අතුරින් හෙළදිව වැන්නක්, එහි නුවර අතුරින් මාතර වැන්නක්, එහි පාසල් අතුරින් ශාන්ත තෝමසු වැන්නක්, කවුරු ලබත්ද ?” අපේ රටේ මහ පඬි කුමාරතුංග මුනිදාස සූරීන් මෙම පාඨය නිර්මාණය කළේ ඔහු උගත් පාසලටය. ඒ කිසිවක් නොව මාතර ශාන්ත තෝමස් කුමර විදුහලයි.

ක්‍රි. ව. 1844 වර්ෂයේ මාර්තු මස 10 වන දින ඉංග්‍රීසි ජාතීන් විසින් මෙම පාසල ආරම්භ කරන ලදි. මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජාතික පාසලක් වන මෙය වර්තමානයේදී මාතර නගරයෙහි පිහිටා ඇති අතර මුලදී වැල්ලමඩම ප්‍රදේශයේ පිහිටා තිබිණ.

මෙම විද්‍යාලයේ මුල්ම විදුහල්පති ඔන්ඩච්චි නම් ක්‍රිස්තියානි ජාතික පිය තුමෙකි. ඉන් පසුව ඩයස්, බුල්ජන්ස් හා එදිරිසිංහ වැනි පියවරුන් විදුහල්පතිවරුන් වශයෙන් කටයුතු කළහ. වර්තමානයේ අප පාසලේ විදුහල්පති වනුයේ ඩබ්ලිව්. බී.පියතිස්ස මහතාය.

ගොඩනැඟිලි දෙක තුනකින් ඇරැඹුණු අප පාසලේ මේ වෙද්දී ‍ගොඩනැඟිලි විස්සකට ආසන්න ප්‍රමාණයක් වෙයි. පාසල ආරම්භ වුයේ සිසුන් හයදෙනෙකු ගෙනි. දැන් සිසුහු තුන් දහස් පන්සීයකට ආසන්න පිරිසක් ඉගෙනුම ලබති.

අප පාසලේ ප්‍රධාන කාර්යාලයේ ලතින් භාෂා‍වේ අක්ෂර වලින් පෘතුගීසී ‘ආයුධ ගබඩාව’ යන වචනය බිත්තියක ගසා තිබෙයි. අප පාසල් ගීය ලතින් භාෂාවෙන් ලියැවී ඇත්තේය.

කවීෂ ඉඳුවර ජයවීර
9 ශ්‍රේණිය ‘ඩී’,
ශාන්ත තෝමස්
කුමර විදුහල,
මාතර.

Comments