හෙළ ජනකවිය | සිළුමිණ

හෙළ ජනකවිය

එදා සිංහල ගැමි ජනයා විසින් ගයන්නට යෙදුණු කවි නුතනයේ අපි ජන කවි ලෙස හඳුන්වමු. මේ සඳහා ලිඛිත සාක්ෂි ද දැක්විය හැක. ඒ සීගිරි කුරුටු ගී, සිංහල ජනකවිය, බස හසුරුවන්නට හුරු වු දා පටන් ජනවහරින් පෝෂණය වෙමින් පැවත එන්නකි.

ජන කවියේ ආරම්භය කවදා කෙසේ සිදු වුවාදැයි ස්ථිරවම ප්‍රකාශ කළ නොහැකිය. ජනයාගේ සිතේ පැවති සිතුම් පැතුම්, දුක් සැප, ආදරය....යනාදී හැඟුම් රසවත්ව ඉදිරිපත් කරන්නට එකල ගැමියෝ හුරුව සිටියහ.

ජීවිතයේ විවිධ කාර්යයන් මුල්කර ගනිමින් කවි බිහිවිය. කෘෂිකාර්මාන්තය පෙරටු කරගත් ගැමියා ගොවිතැනේදී කමතට, ගොයමට, පැල් රැකීමට කවි කීවේය. ජන ක්‍රිඩා වලදී මෙන්ම ජීවිතයේ විවිධ හැඟුම් ප්‍රකාශයට ජනකවි ගැයිනි. තේරවිලි කවි, රබන් කවි, සීපද ජනකවියේ දක්නට ලැබෙයි.

“තණ්ඩලේ දෙන්නා දෙපොළේ”.........., “ඔන්න මලේ ඔය නාමල” ..... යන කරන්ත කවි, පාරු කවි මෙන්ම එදා ජනයා නිරතව සිටි රැකියා ඔස්සේද මේ ජනකවිය ජනයා අතර ගැවසිනි. මෙවැනි පැරණි දේ ඉදිරි පරපුරට දායාද කරලීම අපගේ යුතුකමකි. වගකීමකි.

නුවන් දුමිදු රණසිංහ
12 ශ්‍රේණිය,
ශාන්ත ජෝසප් විදුහල,
නුගේගොඩ,

Comments