
සඳ කුමරිය රන් හිස කෙස් පීරනවා
කෙමෙන් අඳුරු ඡායා මැවෙනවා
කුමුදුනිය තුරු ගොමු අතරේ හිනැහෙනවා
රාත්‍රියේ අසිරි රටා මැවෙනවා
බස්සකුගේ ශෝකී ගී රාව ඇසෙනවා
රෑබදුලු කණා මැදිරි එළි විහිදෙනවා
තණ පියසේ ජල බිඳු රූරා යනවා
වන දෙවඟනක් පොළෝ තලයට වඩිනවා
සේපාලිකාවන් මද පවනේ සැලෙනවා
නිල් ආකාසේ තරු රටා මැවෙනවා
උලමාගේ බිහිසුණු හඬ රැව් දෙනවා
රාත්‍රිය දකින්නාගේ සිත පොපියනවා
ඉමල්කා ගෙත්මිණි ගුණසේන
9 ශ්‍රේණිය ‘බී’,
ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය,
රත්නපුර.