
පහළ ගෙදර රේඩියෝව
හැම තිස්සෙම කිචි බිචියේ
කොහොමද මම පාඩමකට
හිත යොදවන්නේ
හරිම අමාරුවෙන් මමත්
හිත එක් තැන් කර ගත්තේ
මගෙම හිතත් නැහැනේ මට
අවනත වෙන්නේ
විභාගයට මාස තුනයි
පොත් ගොඩ මට වඩා උසයි
මට අමතක වීලා නුඹ
සරසවියට යන්නට මට
පාර කියන්නේ...
දර්ශා දිල්ශානී
13 ශ්‍රේණිය ‘කලා’,
සාන්ත අන්තෝනි ම.වි.,
බද්දේගම.