යහපත් දරුවකු වන්න... | සිළුමිණ

යහපත් දරුවකු වන්න...

දිවිමඟ සරු කෙරුමට
නිති යහපත් වැඩ කොට
අලසබව දුරු කොට
කියන්නේ මේ ඔබේ යහපතට

තෙල්ගාලා හිස පීරා ගන්නේ
සංවර ඇඳුමින් සැරසී එන්නේ
ඕනෑ නැති දේ කතා නොවන්නේ
සිල්වත් බවකින් ගමනේ යන්නේ

සංවර ලෙස අප පාසල් යනවා
ගුරු ඔවදන් නිති සුරකිනවා
සාමය සමගිය අගය කරනවා
කවුරුත් එක ලෙස එකට ඉන්නවා

ලසඳ ඔෂාන් විජයානන්ද
13 ශ්‍රේණිය,
ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය,
බළන්ගොඩ. 

Comments