වෙසක් දවසේ බණ කියන්න මටත් හිතෙනවා | සිළුමිණ

වෙසක් දවසේ බණ කියන්න මටත් හිතෙනවා

මල් වට්ටිය පිරෙන තරම්
සුදු පාටට රතු පාටට
ඕලු නෙළුම් මල් පිපිලා
සුවඳ හම­නවා

පන්සල් කන්දට ඉහ­ළින්
එබී එබී වලා මැදින්
ලෝකෙට සුදු එළිය බෙදා
හඳ පාය­නවා

පන්සල් යන පාර දිගේ
අර­ලිය මල් ගස් අතරේ
පාට පාට වෙසක් පහන්
කූඩු පෙනෙ­නවා

සුදෝ සුදු­ව­තින් සැර­සුණු
පඩි­පෙළ නැඟ යන ඈයෝ
මහ­ම­ළුවේ බණ අස­මින්
සාදු කිය­නවා

ලොකු සාදුගෙ බණ අහලා
වෙසක් ද‍වසෙ බණ කියන්න
පුංචි සාදු කෙනෙක් වෙන්න
මටත් හිතෙ­නවා

තිසර දහම් දිසා­නා­යක
5 ශ්‍රේණිය ‘බී’,
පිලාන තක්ෂිලා ප්‍රාථ­මික විද්‍යා­ලය,
වංචා­වල - ගාල්ල. 

Comments