අවුරුදු අසිරිය | සිළුමිණ

අවුරුදු අසිරිය

කොහා කොහෝ කොහෝ කියා ගීත ගයන්නේ
එරබදු මල් රතු පාටට පිපී වැනෙන්නේ
නෙක ගස්වල ගෙඩි හැදිලා පලබර වන්නේ
අවුරුද්දේ සිරි විසිතුරු මින් පැවසෙන්නේ

අවුරුද්දට අලුත් ඇඳුම් තෑගි ලැබෙන්නේ
අලුත් ඇඳුම් හැඳ ආඩම්බර පෙන්වන්නේ
පැතුම් ගලන අවුරුද්දක් බව පැවසෙන්නේ
පැතුම් කැටිව හදවත සතුටින් ඉපිලෙන්නේ

රංග ගණනාත් හල්කෙවිදාන
13 ශ්‍රේණිය,
මයික්‍රො උසස් අධ්‍යාපන ආයතනය,
කිරිබත්ගොඩ

Comments