වසු පැටියා | සිළුමිණ

වසු පැටියා

පොඩි වසු පැටියෝ තරහා නොවන්නේ
නුඹෙ අම්මගෙ කිරි මමමයි බොන්නේ
දුව පැන නටමින් සෙල්ලම් කරන්නේ
අපි දෙන්නම හොඳ යාළුවෝ වෙන්නේ

ඊ.එම්. නිෂාදි නදීශානි
5 ශ්‍රේණිය,
වැලිපතයාය ප්‍රාථමික විද්‍යාලය, බළංගොඩ.


අගනා මැණිකකි මගෙ රට

මගෙ රට ශ්‍රී ලංකා
ජයගමු අපි ලංකා
එකමුතු රට ලංකා
මට මැණිකකි ලංකා
සමනල කඳු වැටි
මහවැලි ගංගා
දුන්හිඳ දිය ඇළි
රට ලස්සන කෙරුවා
රට වටාම මහ මුහුදයි දියරැලි නගනා
පියාසලයි කුරුලු පැටව් අහස සරසලා
කඳු හෙල් පසු කර දිය ඇළි යයි ගලලා
මල්වතු කෙත්වතු ඇත සරු කරලා

ඩී.ජී‍. සජිනි නිම්සරා
4 ශ්‍රේණිය ඒ,‍
යටගම ප්‍රාථමික විදුහල, යටගම, එස්සැල්ල.


පරිසරය...

මුහුද හරිම ලස්සනයි
හෝ හෝ හෝ හඬ නැ‍ඟෙයි
මාළුවො කරණම් ගසයි
මුහුද හරි හැඩයි
ඈත අහස පියකරුයි
සුළං හමයි සිසිල දෙයි
කුරුලු රෑන් පියඹා යයි
අවට හරි හැඩයි
වැස්ස හරිම සුන්දරයි
‍‍පොළවට වැහි බිඳු වැටෙයි
ඇළ දොළ ගංගා පිරෙයි
වැස්ස හරි හැඩයි
ගස්වල කොළ බිම වැටෙයි
ගොයමත් තාලෙට නටයි
හරකුන් උම්බෑ කියයි
ඒක හරි හැඩයි

යුමෙත් දිසානායක
6 ශ්‍රේණිය ‘සී’
නාලන්දා විද්‍යාලය, කොළඹ 10.


අපේ පරිසරය

පරිසරය යනු අප අවට සියලුම දෙයයි. ගස් වැල්, දිය ඇලි, ගංගා, සතුන්, මුහුද පරිසරයට අයත් වේ. ඇතැම් මිනිස්සු පරිසරය අපිරිසුදු කරති. මේ හේතුවෙන් අපට නොයෙක් ලෙඩ රෝග සෑදෙයි. කර්මාන්ත ශාලාවල අපද්‍රව්‍ය, වාහන සේදීම සහ මිනිසුන් ජලයට කසළ දැමීමෙන් ගංගා ඇළ දොළවල ඇති ජලය ද අපවිත්‍ර වේ.

පරිසරය ආරක්ෂා කිරීම අපේ යුතුකමකි. ගොවියෝ පරිසරයට බොහෝ උපකාර කරති. සත්තු ද පරිසරයට උදව් කරති. පොල්කටු පොලිතින් වැනි දේ මදුරුවන් බෝ කරයි. අප පරිසරයේ වතුර පිරෙන ස්ථාන පිරිසුදු කළ යුතුය. වනාන්තර විනාශයෙන් අනාගතයේදී මිනිසාට ජලය ද නැතිවිය හැකිය. අප ගස් වැවීම ද කළ යුතුය. වාහනවලින් පිටවන දුම නිසාද වාතය අපිරිසුදු වේ. අප සියලුදෙනා ම පිරිසුදු පරිසරයක ජීවත් වීමට වග බලාගත යුතුය.

භාග්‍ය අමෝද්‍ය එදිරිමාන්න
5 ශ්‍රේණිය,
ලීඩ්ස් ජාත්‍යන්තර පාසල, හොරණ.


ගම්පහ ඉහළ ඉඹුල්ගොඩ සුජාතා ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයීය ශිෂ්‍ය නායක නායිකා නිල ලාංජන පැලඳවීමේ උත්සවය පසුගියදා පැවැත්විණ. එහිදී අලුතෙන් පත්වූ ශිෂ්‍ය නායක නායිකාවෝ සේයාරුවේ වෙති. විදුහල්පති සුනිල් ශාන්ත ගනේපොල මහතාද මෙහි වෙයි.

Comments