දුටුගැමුණු රජතුමා | සිළුමිණ

දුටුගැමුණු රජතුමා

 දුටුගැමුණු අපගේ මාතෘ භූමියට උදාර සේවයක් කළ එඩිතර රජ කෙනෙකි. එතුමාගේ පියා කාවන්තිස්ස රජතුමායි. මව විහාර මහා දේවියයි. දුටුගැමුණු රජතුමා රට එක්සේසත් කළේ ය. රජතුමාගේ කුඩා කාලයේ නම ගාමිණී අභය.

එකල අනුරාධපුරය පාලනය කළේ දකුණු ඉන්දියාවෙන් පැමිණි එළාර නම් රජෙක්. ඔහු අප රටෙහි ආදායම් සියල්ල ලබාගත් නිසා, දුටුගැමුණු රජතුමා සේනා සංවිධානය කර රටට අභියෝගයක්ව සිටි එළාර පරාජය කිරීමට මුහුණට මුහුණලා සටන් කළේ ය. එළාර රජු සටනින් මිය ගියේ ය. දුටුගැමුණු රජතුමා රජකමට පමණක් නොව බුද්ධ ධර්මයේ චිරස්තිථිය සඳහා කැප වී සිටියේ ය.

ඉසුරු නුවන් කුමාර
6 ශ්‍රේණිය ‘ඩී’,
පොතුවිල නවෝද්‍යා විද්‍යාලය, පොතුවිල. 

Comments