කුමුදු පිපෙන රෑ | සිළුමිණ

කුමුදු පිපෙන රෑ

හඳ මාමා රන් තැටියක් සේ හිනැහෙන වා
පුංචි පුංචි තරුකැට අහසේ දිලිසෙන වා
හා පැටවුන් හඳ එළියේ පිනුම් ගහන වා
මේ සුන්දර රෑ යාමේ කුමුදු පිපෙන වා

ගංගා දිය හෙමිහිට ගලා බසිනවා
සඳරැස් දියට වැටී රටා මවනවා
බකමූණන් හා වවුලන් පියඹා යනවා
මේ දැක අපේ සිතට සතුට දැනෙනවා

ඊ.එම්. නිෂාදි නදීශානි
5 ශ්‍රේණිය,
වැලිපතයාය ප්‍රාථමික විද්‍යාලය,
බළන්ගොඩ.‍

Comments