අතීත තාක්ෂණය වඩා දියුණු බව හඳුනාගත්තා | Page 2 | සිළුමිණ

අතීත තාක්ෂණය වඩා දියුණු බව හඳුනාගත්තා

උපාලි වතුගේ - සහකාර අධ්‍යක්ෂ රසායන සංරක්ෂණ අංශය, පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව

ඔබ කෞතුකවස්තු එක්රැස් කරන්නෙක් හෝ ඒවා සුරකින්නෙක් විය හැක. ඔබ සතුව ඇති පැරණි පොත්පත්, සිතුවම් කාසි, මුද්දර, මූර්ති විනාශ නොවි පවත්වා ගැනිමට ඔබ කැමැත්තක් දක්වනවා වන්නට හැකිය. එසෙත් නැත්නම් ඔබේ ප්‍රදේශයේ ඇති පුරවස්තු කෙරෙහි ඇලීමකින් එවා සුරැකීමේ අවශ්‍යතාව ඔබට ඇති. එසේ නම් පුරාවිද්‍යා දෙපාරතමේන්තුව දැනුවත් කිරිමෙන් ඊට අවශ්‍ය උපකාර හා තාක්ෂණික උපදෙස් ඔබට ද ලබා ගත හැකිවනු ඇත.

ඉපැරණි පුරාවස්තු බොහෝමයක් වර්තමානයේ අපට දක්නට ලැබෙන්නේ නටඹුන් ලෙසිනි. අනාගතය වෙනුවෙන් එම පුරාවස්තු සංරක්ෂණය මේ වන විට සිදුවෙමින් පවතී. මෙසේ සංරක්ෂණය කරන්නේ 1815 මාරතු 02 දිනට වඩා පැරැණි ඓතිහාසික හා පුරාවිද්‍යාත්හන අගයෙන් යුතු උරුමයන්ය. පුරාවිද්‍යා දෙපාර්මේන්තු රසායන සංරක්ෂණ අංශය මගින් රට පුරා විසිරී ඇති ඉපැරණි චිත්‍ර බිතුසිතුවම්, මූර්ති හා පුරාවස්තු රසායන සංරක්ෂණ ක්‍රම භාවිත කරමින් අනාගතය උදෙසා පුරා වස්තු ආරක්ෂා කිරීම අගය කළ යුතුය. සංරක්ෂණ ක්‍රමවේදය හා සංරක්ෂණය පිළිබඳ අවධානය යොමු කිරීමට පළමු යම් වස්තුවක් විනාශයට පත්විම හා හායනය වන ආකාරය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. පුරාවිද්‍යා ක්ෂෙත්‍රයේ දී පුරාවස්තූ හායනය වන ක්‍රමයන් ලෙස හඳුනා ගෙන ඇත්තේ භෞතික හේතු, ජෛව විද්‍යාත්මක හේතු හා මිනිස් ක්‍රියා දාමයන් හා රසායනික හේතු ආදිය වේ. භෞතික හේතූන් අතරට ආලෝකය, තෙතමනය,වායුගෝලයේ ආර්ද්‍රතාවය, සුළඟ, සුනාමි, ස්වභාවික පරිසර උවදුරු ආදිය අයත්ය. රසායන හේතු අතරට වායු ගෝලයේ කාබන් ඩයොක්සයිඩ් මොනොක්සයිඩ් හා ඊයම් සංයුතිය (කර්මාන්තශාලා හෝ නගර ආශ්‍රිත මානව ක්‍රියාකාරකම් හේතුවෙන්) ඉහළ යෑම. මුහුද ආසන්නයේ වායු ගෝලයේ ඇති ලවන තත්ත්වය හො භූමියේ ස්වභාවයෙන් පවත්නා ලවන සාන්ද්‍රණව ඉහළ යෑම ආදී අවස්ථා අයත්ය. ජෛව හේතූන් ප්‍රමුඛ වීද පුරාවස්තු හානියට පත්වන අතර කෘමි හානි ඇල්ගි, දිලීර, ශාඛ මත වැඩුණු පුස් හෝ ශාඛ බීජාණුතැන්පත්වීම හේතුවෙන් මෙන්ම අවට ඇති ශාකයන්හි මුල්වලින් ෂිවය කරනු ලබන රසායන ද්‍රව්‍යෙහ්තුවෙන් ද පුරාවිද්‍යාත්මක හෝ ඓතිහාසික අගයෙන් යුතු ස්මාරක හා ස්ථාන විනාශයට පත්වේ.මේ හැරුණු විට මිනිස් ක්‍රියාකාරකම් ද ඊට බලපායි.

විවිධ අමුද්‍රව්‍යන්ගෙන් නිමවා ඇති සංස්කෘතික ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක උරුමයන් අනාගත පරපුර වෙත උරුම කර දී සංරක්ෂණය එහි අරමුණයි. ඒවායේ ස්වභාවය අනුවද්‍රව්‍යෙයන් ද්‍රව්‍යයට සංරක්ෂණ ක්‍රමවේදය වෙනස් වේ. පුරාවස්තු යනු ඒවායේ කලාත්මක ස්වභාවය හෝ අමුද්‍රව්‍යයේ වටිනාකම මත අගය රඳාපවතින දේ නොවේ. එම ද්‍රව්‍යන් ඉතිහාසයේ යම් කාලපරිච්ඡෙදයක් නියෝජනය කරන බැවින් අධ්‍යතනයේ අගය කෙරේ. එබැවින් අනාගතය සඳහා එවා සුරක්ෂිත කළ යුතුවේ. අතීත මිනිසා විසින්භාවිතයට ගත් කුඩා උපකරණ ඔවුන් අඳින ලද සිතුවම් මානව සමාජයේ සංවර්ධනය පිළිබඳ සාධක සපයයි. මිනිසාගේ දැණුම වර්ධනයෙහි ලා ඉන් ලැබෙන පිටුබලය අති මහත්ය.මේ ද්‍රව්‍යන්ගේ විනාශය වළක්වා ගැනීම, දිරපත්වීම වැළැක් විම හෝ පමාකිරීම සංරක්ෂණ කාර්යයේ දීසිදු කෙරේ.

දැව භහණ්ඩ පිපිරීම, සිතවමක පතුරු ගැලවිම, ලෝහ භාණ්ඩ දිරාපත්විම, ඊට අදාළ සංරක්ෂණ ක්‍රමවේදයන් මගින් පාලනය කර හැකිය. ඕනෑම ද්‍රව්‍යයක් කාබනික හා අකාබනික ලෙස වර්ග කෙරේ. කාබනික ද්‍රව්‍ය ආරක්ෂා කර ගැනීමට විශාල පරිශ්‍රමයක් දැරිය යුතුය. දැව කඩදාසි රෙදිපිළි ඕනෑම ද්‍රව්‍යයක් හායනය කරනු ලබන රසායන සංයුතිය ඒ ද්‍රව්‍ය තුළම පවතී. ගල් ඒවායෙහි ඇති ලවන හේතුවෙන් ද කඩදාසි ඒවායෙහි ඇති ආම්ලිකතාව හේතුවෙන් ද හායනයට ලක්වේ.

ආර්ද්‍රතාවය ආලෝකය තෙතමනය පාලනය මගින් ද සුළඟ පාලනය කිරීම මගින් දඇතැම් ද්‍රව්‍ය සංරක්ෂණය කළ හැකිය. ආලෝකයේ දෘෂ්‍ය අදෘෂ්‍ය කිරණ වර්ග දෙකකි. විද්‍යුත් චුම්බක ශක්තිය නැනොමීටර් 400-700දක්වා තරංග ඇසට පෙනේ. එහෙත් නැනෝමීටර් 400 වැඩි කෙටි තරංග ආයාම පාරජම්බුල කිරණ හා 700වැඩි අධොරක්ත කිරණ විකීර්ණ වන අතර ඒවා ඇසට නොපෙනේ. ආලෝකයේ තතිව්‍රතාවය හා පවත්නා කාලයිකීර්ණ කෙරෙහි භාණ්ඩයේ ග්‍රානිතාවය (ක්‍රියාකාරීත්වය) හායනයට හේතුවේ. රසායන සංරක්ෂණයේ දී සිදුවන්නේ රට පුරා විසිරී තිබෙන පුරාවස්තු රසායන ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් සංරක්ෂණය කිරීමයි. හානියට පත් සියලු දේ හානිවූ ආකාරය ඡායාරූප ගතකොට පසුව සංරක්ෂණය සිදු කරනු ලබයි. හානි අවම වනසේ සංරක්ෂණ කාර්යය සිදු කරන අතර, සියල්ල වාර්තා කෙරේ.

බිතුසිතුවම් හා චිත්‍ර සංරක්ෂණයේ දී වර්ණ සකස් කර ඇති ක්‍රමවේ දය අනුව සංරක්ෂණය සිදු කෙරේ. චිත්‍ර හා බිතු සිතුවම් හි වර්ණ සකසා ඇති ද්‍රව්‍ය අනුව සංරක්ෂණය ට කටයුතු කළ යුතුය. සිගිරිය පොළොන්නරුව වැනි ස්ථානයන්හි සිතුවම් අකාබනික ද්‍රව්‍ය හෙවත් ඛනිජ ද්‍රව්‍ය භාවිතයෙන් සැකැසූ වර්ණ භාවිත කොට ඇඳ ඇත. මේ සිතුවම් දිලීර පුස් ආදිය හේතුවෙන් හානියට පත් වූවද වැඩි පුරම හානියට පත්වන්නේ එවායේ රසායන සංයුතිය බීඳි යන තරම් ප්‍රබල ආලෝකය හේතුවෙනි. එබැවින් ප්ලෑෂ් ලයිට් භාවිත කරමින් එවායේ සිතුවම් ලබා ගැනීම මගින් එම සිතුවම්වලට හානි විය හැකිය. එහෙත් දඹුල්ල ලෙන් සිතුවම් ඇඳ ඇත්තේ කාබනික හෙවත් ශාකමය ද්‍රව්‍යයන් භාවිතයෙන් සැකැසූ වර්ණක භාවිතයෙනි. අකාබනික ද්‍රව්‍යන් භාවිතයෙන් ඇදි සිතුවම් තෙතමනය, ආලෝකයේ තිව්‍රතාවය, සුළඟ ආදී හේතූන් නිසා හානියට පත් වේ. ඔබ අපේ උරුමය කෙරෙහි ඇල්මක් දක්වන්නේ නම් හෝ ඒවා අනාගතයට උරුම කර දීමට සිතන්නේ නම් එම ස්ථානයන්හිදී ඔබේ අතේ ඇති කැමරාව ක්‍රියාත්මක කිරීමෙන් වැළැකී සිටිය යුතුවේ. අකාබනික ද්‍රව්‍යන් භාවිතයෙන් සැකැසු වර්ණක සහිත සිතුවම් සංරක්ෂණයේ දී ඊට සරිලන රසායන සංයෝග භාවිතයට ගැනෙන අතර කාබනික ද්‍රව්‍ය භාවිතයෙන් ඇඳි සිතුවම් වෙනුවෙන් ඊට අදාළ රසායනික සයෝග භාවිතයට ගැනේ.

සිතුවම් මැකීගිය ස්ථාන වේනම් ඒ සිතුවමේ භාවිත කර ඇති රසායන සංයුතියෙන් යුත් (කාබනික හෝ අකාබනික) වර්ණක භාවිත කරමින් එම සිතුවම් හි රේඛා මත පමණක් වර්ණ ගැන්විම සිදු කරනු ලබයි. එවන් වර්ණ ගැල්වීමක් පොළොන්නරුව තිවංක පිළම ගෙයි සිදු කර තිබේ. තිවංක පිළිම ගෙයි සිතුවම් හානියට පත්වන්නේ පොළොන්නරුව පොළොවෙහි ඇති ස්වභාවික ලවන තත්වය හේතුවෙනි. එහි බිත්ති බවා ඉදිවී ඇත්තේ එම පොළොවෙන්ම ලබාගත් පසින් සැකැසූ ගඩොලින් බැවින් මේ ලවන ගතිය ඉවත් කිරීම ඉතා අපහසුය. කැළණිය, සීගිරිය, දඹුල්ල, බෙල්ලන්විල, ඇතළු සිතුවම් සහිත ලෙන්විහාර හා විහාරරැසක් මෙලෙස සංරක්ෂණය කර තිබේ.

බිඳීගිය මූර්ති නැවත සකසද්දී හෝ සංරක්ෂණය කරද්දී එම මූර්තියේ භවිත කර තිබූ බදාමයම නැවත භාවිත කරනු ලබයි. එහි එම බදාමය නැවත පදම් කර ගැනීම සඳහා පමණක් මුලින් භාවිත කර ඇති බන්ධන මධ්‍යම හඳුනා ගෙන පදම් කර ගැනීම සිදු කෙරේ. මෙසේ ප්‍රති සංස්කරණය කරන ලද මුර්ති අතර බඹර ගස්තලාව බුදු පිළිමය, ලාහුගල තරුලෙන්ගල බුදු පිළිමය ඇතුළු මූර්ති හා පිළිම රැසක් වේ. අතීතයේ මැටි පදම් කර ගැනීම සඳහා දිව් ලාටු, බත්කැඳ, කජුමැලියම් පැණි ආදිය භාවිතකර ඇති බව හඳුනාගෙන ඇත.

අපේ පැරැන්නෝ මූර්ති සැකසීමට මෙන් ම සිතුවම් ඇඳීම සඳහා බිත්ති මතුපිට සකසා ගැනීමට භාවිත කළ බදාමය සැකැසීමට භාවිත කළ අමුද්‍රව්‍ය හා බන්ධන මාධ්‍ය හඳුනා ගැනීමට හැකි වූවද තාක්ෂණය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට තවමත් හැකි වී නැත. එහෙත් ඒ අතීත තාක්ෂණය වර්තමාන තාකෂණයට හා තාක්ෂණික ක්‍රමවේදයන්ට වඩා දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් බව හඳුනා ගෙන තිබේ.

අතීත තාක්ෂණය, කලා කුසලතා, සංස්කෘතිය අනාගතපරපුරට උරුම කර දීම අපේ අභිප්‍රාය විය යුතු බැවින් පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වශයෙන් වැදගත් උරුමයන් සුරක්ෂිත කිරීම වර්තමාන පුරවැසියාගේ වගකීමවේ.

සේයාරූ - විමල් කරුණාතිලක සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

Comments