සාහිත්‍යයෙන් ඉංග්‍රීසි | සිළුමිණ

සාහිත්‍යයෙන් ඉංග්‍රීසි

අතුගෑමට ඉගෙනීම

 

කවි දෙකේම එක තැනක Past Continuous Tense නැතහොත් අතීතය නොකඩවා කරන කාලය පැමිනේ. මෙම ක්‍රියාව සැදෙන්නේ was හෝ were යන උපකාරක ක්‍රියා පදය සමඟ ප්‍රධාන ක්‍රියා පදයේ ing නැතහොත් present participle ආකාරය යෙදීමෙන්ය. මෙය භාවිත වන්නේ අතීත කාලයේ යමක් කරමින් සිටින විට තව දෙයක් වූවා නම්, ඒ මුලින් සිදුවෙමින් පැවති දෙය විස්තර කිරීමටය.

හාස්‍යජනක ළමා පද පෙළක් හා සරලව ලියූවද යුද්ධයේ විපාක ගැන බරෑරුම් අර්ථයක් දෙන කවියක් අද හමුවේ.

How I Learned to Sweep

-Julia Alvarez

 

My mother never taught me sweeping. . . .

One afternoon she found me watching

T.V. She eyed the dusty floor

boldly, and put a broom before

me, and said she'd like to be able

to eat her dinner off that table,

and nodded at my feet, then left.

I knew right off what she expected

and went at it. I stepped and swept;

the T.V. blared the news; I kept

my mind on what I had to do,

until in minutes, I was through.

Her floor was immaculate

as a just-washed dinner plate.

I waited for her to return

and turned to watch the President,

live from the White House, talk of war:

in the Far East our soldiers were

landing in their helicopters

into jungles their propellers

swept like weeds seen underwater

while perplexing shots were fired

from those beautiful green gardens

into which these dragonflies

filled with little men descended.

I got up and swept again

as they fell out of the sky.

I swept all the harder when

I watched a dozen of them die. . .

as if their dust fell through the screen

upon the floor I had just cleaned.

She came back and turned the dial;

the screen went dark. That's beautiful,

she said, and ran her clean hand through

my hair, and on, over the window-

sill, coffee table, rocker, desk,

and held it up--I held my breath--

That's beautiful, she said, impressed,

she hadn't found a speck of death.

 

මා අතුගෑමට ඉගෙන ගත්හැටි

ජූලියා ඇල්වාරේස්

 

මගේ අම්මා මට කවදාවත් අතුගෑමට ඉගැන්වූයේ නැත. . . .

එක දවාලක ඇය දුටුවා මම නරඹන බව

රූපවාහිනිය. දූවිල්ලෙන් වැසුන ගෙබිම දෙස ඇය බැලුවාය

කෙලින්ම, තැබුවා කොස්සක් ඉදිරිපිට

මා, කිව්වා ඇය කැමති වග පුළුවන් වීමට

කෑමට ඇගේ ආහාරය මෙම මේසය මත

මගේ දෙපා දෙස ඔළුව වනා, ඉනික්බිති ගියාය.

මම දැන ගතිමි එවෙලේම ඇයට අවශ්‍ය දේ.

එහි යෙදුනෙමි. මම පා පෙරට තබමින් අතුගෑවෙමි.

රූපවාහිනිය ප්‍රවෘත්ති කීවේය. මම තබා ගතිමි

මගේ මනස මට කිරීමට ඇති දේ මත

විනාඩි කිහිපයකින් මම එය නිම කරන තුරු.

ඇගේ පොළොව ඉතා පිරිසිදු විය

දැන් හෝදපු පිඟානක් මෙන්.

මම සිටියෙමි ඇය නැවත එනකන්

හැරුනෙමි බැලීමට ජනාධිපති

සජීවිව, ධවල මන්දිරයේ සිට, යුද්ධය ගැන දෙසන:

ඈත පෙරදිග රටවල්වල

අපේ සොල්දාදුවෝ

බසිමින් සිටියෝය ඔවුන්ගේ හෙලිකොප්ටරවලින්

වනාන්තරවලට ඔවුන්ගේ කැරකෙන දැති

පාවෙයි දිය යට වල් පැළ මෙන්

තේරුමක් රහිත වෙඩි හඬ ඇසෙද්දී

එම සුන්දර හරිත වර්ණ වතුවලින්

මෙම බත්කූරෝ

කුඩා මිනිසුන්ගෙන් පිරුණු, පහත් වන විට.

මම නැගිට නැවත අතුගෑවෙමි

ඔවුන් අහසින් කඩා වැටෙන විට

මම තවත් තදින් අතුගෑවෙමි

ඔවුන් දුසිමක් මැරෙණු දුටුවිට. . .

හරියට ඔවුන්ගේ දූවිලි, තිරය හරහා

මම දැන් පිරිසිදු කළ පොළොවට වැටුණාක් මෙන්.

ඇය නැවත පැමිණ බොත්තම කැරකුවාය

තිරය කළු විය. අපූරුයි,

ඇය කීවාය, දුවමින් ඇගේ පිරිසිදු අත

මගේ හිසකෙස් තුල හා ඔබ්බට, ජනේලයේ

පඩිය, කුඩා මේසය, හාන්සි පුටුව, හා ලියන මේසය මත.

ඉන්පසු අත උඩට ඔසවා බැලුවාය - මම හුස්ම නොහෙලා බලා සිටියෙමි -

අපූරුයි, ඇය කීවාය, පැහැදී,

ඇයට මරණ කැබැල්ලක්වත් අසුවී තිබුණේ නැත.

 

ජූලියා ඇල්වාරේස් 1950 දී ඇමරිකාවේ උපන් ඩොමිනිකන් - ඇමරිකානු කිවිඳියකි. දැනට ජීවතුන් අතර සිටින ප්‍රධාන ලතීනා ලේඛිකාවක් ලෙස විචාරකයෝ ඇයට සලකති. අන්තර්ජාතික වශයෙන්ද ඇය ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ ඇගේ නවකතා නිසාය.

 

මෙම කවියෙන් දැක්වෙන්නේ කුඩා දරුවකුට යුද්ධයේ කුරිරු බව මුලින් ම පසක් වුණු අවස්ථාවයි. අතුගා දූවිලි ඉවත් කරනවාක් මෙන් ඇයට තමන් දුටු දේ අමතක කිරීමට නොහැකි බව හා එම දර්ශනය දැකීමෙන් ඇයට වුණ, අනුන්ට නොපෙනෙන්නා වූ, හානිය අපට මෙම කවිය තුළින් දැකගත හැකිය.

 

Animal Fair

-Nursery Rhyme

 

I went to the Animal Fair.

The birds and the beasts were there,

The big baboon by the light of the moon,

Was combing his auburn hair.

The monkey he got drunk

And sat on the elephant’s trunk;

The elephant sneezed and fell on his knees,

And what became of the monkey,

Monkey, monkey, monkey, monkey?

 

සතුන්ගේ පොළ

 

 

මම සතුන්ගේ පොළට ගියෙමි

කුරුල්ලොයි සත්තුයි එහි සිටියෝය

වානරයා, හඳ එළියේ

ඔහුගේ රන්වන් හිසකෙස් පීරමින් සිටියේය

වඳුරා, ඔහු බීමත් වූයේය

අලියාගේ හොඬවැල මත හිඳගත්තේය

අලියා කිවිසුමක් හැරියේය, දනින් වැටුණේය

ඉන්පසු කුමක් වු‍ණේද

වඳුරාට, වඳුරාට, වඳුරාට, වඳුරාට?

මෙම ළමා පද පෙළ හාස්‍ය රසයෙන් පිරුණු ළමයින්ට හඬනගා කීමට හැකි පද පෙළක්ය. මෙය ගායනය කරන විලාසයද ළමයින්ට ඉගැන්වීමට අවශ්‍ය නම් එය youtubeචැනලයෙන් ඉගෙන ගත හැකි ය. මෙම කවියේ සමහර වචනවල වෙනස්කම් තිබීමට හැකිය.

 

ව්‍යාකරණ ඉඟිය

 

මෙම කවි දෙකේම එක තැනක Past Continuous Tense නැතහොත් අතීතය නොකඩවා කරන කාලය පැමිනේ. මෙම ක්‍රියාව සැදෙන්නේ was හෝ were යන උපකාරක ක්‍රියා පදය සමඟ ප්‍රධාන ක්‍රියා පදයේ ing නැතහොත් present participle ආකාරය යෙදීමෙන්ය. මෙය භාවිත වන්නේ අතීත කාලයේ යමක් කරමින් සිටින විට තව දෙයක් වූවා නම්, ඒ මුලින් සිදුවෙමින් පැවති දෙය විස්තර කිරීමටය.

 

උදාහරණ

 

The telephone rang when I was sleeping.

ටෙලිෆෝනය වැදෙන විට මම නිදාගෙන සිටියෙමි

 

අතීතයේ ක්‍රියා දෙකක් දිගු කාලීනව එකවර සිටින විටද මෙම ක්‍රියා ආකාරය භාවිතා කළ හැකි

 

උදාහරණ

 

I was studying while my brother was playing cricket.

මම පාඩම් කරමින් සිටින වෙලාවේ අයියා ක්‍රිකට් ගසමින් සිටියේය.

ක්‍රියාවන් දෙක දිගු කාලීන නම් when යන වචනය වෙනුවට while යන වචනය භාවිතා කරන්න.

Comments