![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2018/05/18/husma_tag.jpg?itok=H4RFcsID)
මිනී මරුවකු ස්ත්‍රී දූෂකයකු පොලීසිය කුදලාගෙන විත් අධිකරණයට පමුණුවති. ඉන් පසුව, නඩු විභාගය ආරම්භ වේ. මෙයින් සමහර නඩු සහ අපරාධකරුවන් අධිකරණයට ඉදිරියට පැමිණෙන විට සමාජය සිය තීන්දු ප්‍රකාශ සිදු කර හමාරය. එහෙත් විත්ති කූඩුවේ යකඩ පොලූ අතර හිර වුණ චුදිතයකු ඒ වැරැද්ද සත්තකින්ම කළා ද යන සුවිශාල ප්‍රශ්නාර්ථය අධිකරණය හමුවේ ප්‍රතිරාව දෙමින් යළි යළි විමසෙයි. පැමිණිලි විත්ති දෙපක්‍ෂය අතර, ගල උඩ සටන මෙහි දී ආරම්භ වේ. විටෙක චුදිත නිදහස් වේ. එවිට සමාජය අධිකරණ ක්‍රියාවලිය දඩුකඳේ ගසනු දැකිය හැකිය. සමහර විට, චුදිත වැරදිකරු කොට දඬුවම් කරයි. එවිට දුන් දඬුවම මදි බවට මැසිවිලි නැගෙයි.
සියල්ල ජනතාව වෙනුවෙන් බවට දියුණු සමාජවල විශ්වාසයක් පවතී. සියල්ල ජනතාව වෙනුවෙන් නම් ඒ වෙන්වීම හෝ වෙන්කිරිම කොහේ හෝ තැනක තහවරු කර තිබිය යුතු වේ. එහෙත් එය හැම විටෙකම එහෙම නැත. බොහෝ තැන විවිධ ප්‍රතිවිරෝධතා දැකිය හැකිය.
පොලිසිය මෙවැනි එක් තැනකි. පොලිසියෙන් එහාට ගමන් කළ විට අධිකරණය සම්බන්ධව පවා ඇත්තේ එතරම් යහපත් ආකල්පයක් නොවේ. අධීකරණය සම්බන්ධව පොදු මතය ප්‍රකාශ කිරිමට තහනමක් නැත.
‘‘උසාවිය නිහඬයි’’ චිත්‍රපටය ඊට නිදසුනකි. එහෙත් අධිකරණය සමාජය වෙනුවෙන් ඉටු කරන කාර්ය භාරය බෙහෙවින් සංකීර්ණ ය. ඒ නිසා අධිකරණය නිරන්තරවම ජනතාවාදි වීම යනු බෙහෙවින් අසිරු තත්ත්වයකි.
මිනි මරුවකු ස්ත්‍රි දූෂකයකු පොලිසිය කුදලාගෙන විත් අධිකරණයට පමුණුවති. ඉන් පසුව, නඩු විභාගය ආරම්භ වේ. මෙයින් සමහර නඩු සහ අපරාධ කරුවන් අධිකරණයට ඉදිරියට පැමිණෙන විට සමාජය සිය තීන්දු ප්‍රකාශ සිදුකර හමාරය. එහෙත් විත්ති කූඩුවේ යකඩ පොලූ අතර හිරවුණ චුදිතයකු ඒ වැරැද්ද සත්තකින්ම කළා ද යන සුවිශාල ප්‍රශ්නාර්ථය අධිකරණය හමුවේ ප්‍රතිරාව දෙමින් යළි යළි විමසෙයි.
පැමිණිලි විත්ති දෙ පක්‍ෂය අතර, ගලඋඩ සටන මෙහි දී ආරම්භ වේ. විටෙක චුදිත නිදහස් වේ. එවිට සමාජය අධිකරණ ක්‍රියාවලිය දඩු කඳේ ගසනු දැකිය හැකිය. සමහර විට, චුදිත වැරදි කරු කොට දඬුවම් කරයි. එවිට දුන් දඬුවම මදි බවට මැසිවිලි නැගෙයි.
මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ මහාධිකරණ නඩු විභාගයක් අතරමැද විත්තියේ නීතිඥ තැන යම් කරුණු දැක්වීමක් සිදු කරමින් සිටියේය.
එහි දී පැමිණිල්ලේ දුර්වල තැනක් දක්වා සිටි, විත්තියේ නීතිඥයා මුළු පැමිණීල්ලම කල්පික කතාවක් බව අධිකරණයට දන්වා සිටියේය. එයට සවන් දුන් ගරු මහාධිකරණ විනිසුරුතුමා වහා විමසා සිටියේ වාර්තාවී ඇති මරණයත් කල්පිතයක්ද කියා ය. ඒ සමඟ අධිකරණයෙහි උස් සිනාවක් මතු විය. එකී සිනාව හරහා විත්තියේ නීතිඥයා අන්දමන්ද විය. එහෙත් සුළු මොහොතකින් එකී දක්‍ෂ නීතිඥයා අධීකරණය ඇමතීය.
‘‘උතුමාණනි, හෙම්බිරිස්සාව වැළඳී සමහර විට, මිනිස්සු මිය යති. එවිට නහයට එරෙහිව මෙම අධිකරණයෙහි අධි චෝදනා ගොනු කිරිමට වුවද නීතිපති වරයාට අවසරය ඇත. මේ නඩුව එවැන්නකි. අධිකරණයට පැවරී ඇත්තේ හැම මරණයක්ම නඩුවක්ද යන්න විමසිම නොවේ. මරණයට හේතුව සෙවීම පමණකි. ඒ අනුව කල්පිතයක් වන්නේ මේ නඩුවේ පැමිණිල්ල මිස මරණය නොවන බව සැල කර සිටිමි.’’ මේ විස්තර කළේ අධිකරණ ක්‍රියාවලියේ එක් අවස්ථාවකි.
තවත් අවස්ථාවක, විත්තියේ නිතිඥවරයා මරණය සිදු කළ බවට ප්‍රකාශ වූ පිහිය පිළිබඳ අධිකරණ වෛද්‍ය නිලධාරි වරයාගෙන් ප්‍රශ්න කරමින් සිටියේය.
‘‘වෛද්‍ය තුමා මේ පිහිය කොපමණ බර විය හැකිද?’’ ප්‍රශ්නය ඇසූ වහාම වෛද්‍යවරයා රජයේ නීතිඥවරයා දෙස බැලීය. ඒ සමඟ සාක්‍ෂිකරු අධීකරණය දෙස බලා සාක්‍ෂි දෙන්න කී විත්තියේ නීතිඥවරයා තම ප්‍රශ්නය වඩාත් පැහැදිලි කළේය.
‘‘ග්‍රෑම් හෝ කිලෝ ඒකක වලින්..... ’’ ඒ ප්‍රශ්නයට රජයේ නීතිඥවරයා විරුද්ධ විය. එවිට විත්තියේ නීතිඥ දෙවන ප්‍රශ්නය ඉදිරිපත් කරයි.
‘‘මුවහත් ආයුධ ආධාරයෙන් කරන කාර්ය විවිධ ආකාරයට හඳුන්වනවා. කපනවා කොටනවා පළනවා ලියනවා ඒ කාර්ය සඳහා යොදා ගන්නේ. ඒ සාමාන්‍ය අවබෝධය අනුව මේ පිහිය ඉහත කී කුමන වර්ගයේ කාර්යක් සඳහා පාවිච්චි කරන එකක් ද? ප්‍රශ්නය දිය හැකි පිළිතුර ඉතා නිරවුල් සහ සරල බව පැහැදිලි විය. ඒ සමඟ විනිසුරු මෙසේ විමසිය.
‘‘නීතිඥ මහත්මයා මිනිසුන්ගේ බෙලි කපන්න වෙනම පිහි තියෙනවාද?’’ විනිසුරුගේ ඒ මැදිහත්වීමෙන් විත්තිය අපේක්‍ෂා කළ උත්තරය ගැන සාක්‍ෂිකරුට ඉඟියක් ලැබුණු බව විත්තියේ නීතිඥවරයා තේරුම් ගත්තේය. මුඛරි විත්තියේ නීතිඥවරයා වහා දොඩමලු විය.
‘‘ස්වාමිනි මිනිසුන් එල්ලූම් ගස් යවන්න වෙනම උසාවිත් නැත.’’ ඒ ප්‍රකාශයෙන් අධීකරණය මහත් සේ අපහසුවට පත්වූ බවක් පෙනිණ. ඊළඟ තත්පරයේ නඩුව වෙනත් දිනයකට කල් තැබිණ. නීතිඥයෝ මෙවැනි අස්ථාවන්ට නිතර මුහුණ දෙති.
පසුගිය සතියේ එක් චුදිත කාන්තාවක් මහනුවර මහාධිකණයක් වෙත කැඳවනු ලැබුවාය. ඇයට එල්ලවී තිබුණ වරද මිනී මැරුමකි. විත්තිකාරිය සිය නීතිඥවරයා හමුවිය.
‘මොකක්ද සිද්ධිය..........?’’ නීතිඥයා සිය සේවාදායිකාවගෙන් විමසා සිටියේය. ඒ චෝදනාව සහ ක්‍රියාව අතර පවත්නා සිද්ධිමය කාරණාව තේරුම් ගැනීම සඳහා ය. ඒ ගැහැනිය සිය සැමියා මරා දමා තිබුණි. මේ සමඟ කියැවෙන බීමත්කම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැනි සරල සුගම විවිධ හේතු නීතිඥ වරයාට අලුත් කතා නොවේ. තවත් මැදිවියේ ගැහැනියක් චුදිත කාන්තාව සමඟ පැමිණ සිටියාය. මේ කවුදැයි නීතිඥය විමසා සිටියේ තම කතාව වෙනතකට යොමු කිරීම සඳහා ය. ඒ මැරුම් කෑ මිනිසාගේ අක්කා ය. ඒ ගැහැණීය ද, ‘‘මගේ එකා තමයි. ඒ වුණාට ඉවසීමේ සිමාවක් තියෙනවානේ මහත්තයා‘‘ ආදි ලෙස පටන් ගත්තාය.
පසුව, මහාධිකරණයේ දී චුදිත කාන්තාවට අධී චෝදනා පත්‍රය භාර දෙනු ලැබීය. ඉන්පසුව උදාවුණේ ඇප නියම කරන විරාමය යි. ඇප කොන්දේසි ලෙස කියැවුණේ රුපියල් පනස් දහස බැගින් වූ ශරීර ඇප දෙකක් පමණකි. සාමාන්‍ය භාවිතය පරිදි මුදල් ඇපයක් නියම නො කෙරිණ. සත්තකින්ම මෙහි දී සිදුවුණේ කුමක්ද? පැමිණිල්ලේ ලියැවුණ මානුෂික කතාන්තරය මහාධිකරණ විනිසුරුවරයා තේරුම් ගෙන සිටිමය. අධිකරණයේ මේ ජනතාවාදි ආකල්පය රටම අපේක්‍ෂා කිරීම හෝ අනුමත කිරීම වෙනම කතාවකි. ඊට පසුදින මට මහනුවර ආසන්නයේ වෙනත් මහේස්ත්‍රාත් අධිකරණයක පෙනී සිටිමට සිදුවිය.
එදින කැඳවීමට නියමිතව තිබුණ නඩත්තු නඩු ගණනාවකි. එක් නඩුවක පැමිණීලිකාරිය ලෙස නම අඬ ගැසූ කළ පැමිණ පෙනි සිටියේ මහලු කාන්තාවකි. විත්තිකරුට තිබුණේ ආකර්ෂණීය තරුණ පෙනුමකි.
‘‘ස්වාමීනි. පැමිණීලිකාරිය රෝගිව සිටින හෙයින් ඇයගේ මව පැමිණ සිටී.’’ පැමිණිලිකාරිය ලෙස ඉදිරිපත්වූ වයසක අම්මා කවුදැයි පැමිණීල්ලේ නීතිඥ වරිය අධිකරණයට පැහැදිලි කළාය. නඩත්තු මුදල විත්තියේ නීතිඥයා හරහා පැමිණීල්ලේ නීතිඥ වරිය අතට විවෘත අධිකරණයෙදී හුවමාරු විය. මේ සාමාන්‍ය භාවිතාව ගැන මහේස්ත්‍රාත්වරයා එකඟ නොවූ බව පෙනිණ.
‘‘තමුන් මේ මුදල අධිකරණයේ තැම්පත් කළ යුතු බවට උසාවිය නියෝග කරනවා.’’ උසාවියේ තෝල්කයා අධිකරණ නියෝගය ප්‍රතිරාවය කළේය. අධිකරණ නියෝගයෙන් නඩත්තු මුදල ආපසු විත්තිකරු අතට පත් කෙරිණ.
‘‘දුව සනීප වුණ දවසක උසාවියට ඇවිත් සල්ලි ගන්න කියන්න.’’ වයසක අම්මාට අමුතු ස්වරයකින් එසේ උපදෙස් දුන් පැමිණිල්ලේ නීතිඥ වරිය සිය සහෝදර නීතිඥයන් දෙස උපහාසයෙන් බැලීය. වයසක අම්මා අතට පත්වූ රුපියල් දෙදහසක්වූ ඒ නඩත්තු මුදල එ සැනින් යළි අහිමි විය.
එය ද, අධිකරණ නියෝගයකි. පැමිණීලිකාරිය සුව වන තෙක් මේ සොච්චම් නඩත්තු මුදල පොලි හෝ නැතිව සුරක්‍ෂිතව අධීකරණයෙහි තිබෙනු ඇත.
සමහර විටෙක ප්‍රතිකාර ගැනීමට හෝ දරුවකුගේ උවමනාවට පැමිණිලිකාරිය හෝ ඇගේ මව කනකර උකස් තියා ගිනි පොලියට මුදල් සපයා ගනු ඇත. එසේම පැමිණීලිකාරිය රෝගී තත්ත්වය මරණාසන්න එකක් නම් උසාවියේ කරුණාවෙන් ලැබෙන මේ නිල් කොළ දෙක කිසි දිනෙක ඇයගේ දරුවන් අතට පත් වන්නට තවත් කල් ගතවනු ඇත.