වැහි ලිහිණියෝ පියෑඹුවා
අහසේ වැහි වලා තිබුණා
හෝ හෝ ගා හඬ නඟමින්
වැහි බිඳු වැටුණා
මහ වැස්සක් ඇති වූවා
අකුණු දෙවියෝ කෑ ගැහුවා
වැස්ස තවත් වැඩි වූවා
සුළඟ හමා හඬ නැඟුවා
වැස්ස තවත් වැඩි වීලා
ගස් වැල් හෙම ඇඹරීලා
ඇළ දොළ ගංගා පිරිලා
ගං වතුරත් ඇති වූවා
මහ වැස්සක් කරපු හරිය
මතකෙට නැඟෙනවා නිතර
කුමක් කරන්න ද එවිට
කාලය මැව් විපතක අරුමය?
දුන්‍යා තරුෂි කොඩිතුවක්කු
10 ශ්‍රේණිය ‘එෆ්’,
යශෝදරා දේවි බාලිකා ම.වි,
ගම්පහ.