මතට තිතක් ... | සිළුමිණ

මතට තිතක් ...

 

උදේට කිරි බී නිවසින් යන්නේ
හවසට මත් වී ගෙතුළට එන්නේ
උපයාගත් දේ වනසාලන්නේ
මිනිසුනි ඇයි බීමට හුරුවන්නේ

මත් වීමෙන් මොනවද ලැබෙන්නේ
දැන දැන ඇයි මේ ලෝදිය බොන්නේ
තම දු දරුවන් සිහියට ගන්නේ
යහපත් ජීවිත ඇයි ‍ෙනාපතන්නේ

දුම් උරමින් දුම් වැටි බොන ඇත්තෝ
මෙහි අරුමය හරිහැටි නොම දත්තෝ
අසරණ වී ඇත පවුලේ ඇත්තෝ
කවුදැයි මේකට වගකිව යුත්තෝ

තම මඩි තර කරගෙන ලාබ ලබන්නේ
අනුන්ගෙ මුදලින් ඉසුරු සොයන්නේ
පරදෙස්වල වසවිස ගෙන එන්නේ
එනිසයි අද අප රට වැන සෙන්නේ

එච්. එම්. සඳුනි ආශිර්වාදනී.

11 ශ්‍රේණිය,

මින්නේරිය ජාතික පාසල,

පොළොන්නරුව.

 

Comments