වෙල්යා­යක සුන්ද­ර­ත්වය | සිළුමිණ

වෙල්යා­යක සුන්ද­ර­ත්වය

අපේ ගමේ වෙල්යාය පිහිටා ඇත්තේ අපේ ගමට පහ­ළිනි. එක් සවස් වරු­වක මම අම්මාත් සමඟ වෙල්යාය බැලී­මට ගියෙමි. එහි තිබු සුන්ද­ර­ත්වය කියා නිම කිරී­මට බැරි තරම්ය.

මම නිල්වන් පාටින් දිස්වුණු කෙත්යාය දෙස ඇසි­පිය නොහෙළා බලා සිටි­යෙමි. රන්වන් කර­ලින් බරව ගොයම් පැළ මඳ සුළ­ඟට ළෙළ දෙන අයුරු මා බලා සිටියේ විස්මය දන­වන දෙනෙ­ත­කිනි. මා සිතුවේ මා පම­ණක් මෙය බලා සිටි­නවා කියාය. නමුත්, තවත් බොහෝ ළමයි නිය­ර­ව­ල්වල දුව­මින් සෙල්ලම් කර­මින් සිටි­යෝය. ඔවුන් පසු­පස දුවනා බලු පැට­වුන් විටෙක කුඹු­රට වැටුණි. තවත් සම­හ­රෙක් නිය­රට වී යහ­ළු­වන් සමඟ සීතල සුළගේ රසය වින්දෝය.

නිමල් මාමා පැහී­ගෙන එන ගොයම් කරල් අල්ලා පරික්ෂා කළේ ගොයම් කැපී­මට ළඟ­දැයි බැලී­මට විය හැකිය. විටින් විට පැමි­ණෙන ගිරා රංචු එළ­වීම සුනීතා නැන්දාට ඉතා අප­හසු වුවත් ගොයම් ආරක්ෂා කර ගැණී­මෙ­හිලා ඇය කරන මෙහෙය ඉතා අනර්ඝ විය.
කඳුළු පිරි දෙනෙ­තින් යුතුව හිරු කුමරා සඳ කුමරු‍ට ඔටුන්න හිමි කර දුන් බැවින් අඳුර පැති­රු­ණේය. එම නිසා අපි ගෙදර ආවෙමු.


පුරවි අංගී­රසා කුල­තුංග.
10 ශ්‍රේණිය,
මියු­සි­යස් විදු­හල ,
කොළඹ.

 

Comments