ලේඛක පීටර් විජේ­සිං­හ | සිළුමිණ

ලේඛක පීටර් විජේ­සිං­හ

පීටර් විජේ­සිං­හ­ යනු අපගේ සංස්කෘ­තික උරු­ම­යන් අතර ජන­කවි හා ජන­ශ්‍රැති පිළි­බ­ඳව සොයා බලා ඒවා අධ්‍ය­ය­නය කොට පොත් පත් මඟින් සමා­ජ­යට ඉදි­රි­පත් කළ ලේඛ­ක­යෙකි. අද සමා­ජයේ ඔහු ගැන වැඩි කථි­කා­වක් නොවු­ණත් මාර්ටින් වික්‍ර­ම­සිං­හ­, පිය­සේන නිශ්ශංක, මීමන ප්‍රේම­ති­ලක හා ජී.බී. දිසා­නා­ය­ක යන අය ඔහුගේ සම­කා­ලී­නයෝ වුහ.

වෘත්ති­යෙන් ඉංග්‍රීසි ගුරු­ව­ර­යෙකු වූ ඔහු 1925 සිට 1948 දක්වා ලේක්හ­වුස් ආය­ත­නයේ දින­මිණ, සිළු­මිණ, උප­කර්තෘ ලෙසද, 1948 ප්‍රධාන භාෂා පරි­ව­ර්තක ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තු­වේද, 1970 දී බුදු­ස­රණ පුව­ත්පතේ කර්තෘ ලෙසද කට­යුතු කර ඇත. 1982 දී ශ්‍රී ලංකා ජන­ශ්‍රැති, ජන­කතා හා ජන­කවි ලියු අත් පිට­පත් 65 ක් පමණ සම්පා­ද­නය කර ඇත. ඒවා දැනට ජාතික පුස්ත­කා­ලයේ තැන්පත් කර ඇති බව සඳ­හන් වේ.

රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුව මඟින් ප්‍රකා­ශිත ශ්‍රී ලංකා සඟ­රාවේ සංස්කා­ර­ක­ව­ර­යාද ඔහු විය. එයට ඔහු විසින් සප­යන ලද ලිපි මාලා­වෙන් තෝරා ගත් ලිපි එක­තු­ව­කින් “පැරණි සිංහල ජීවිත පුවත්” නමින් පිටු 555 කින් යුත් කෘති­යක් ඔහු මිය ගිය පසු ඔහුගේ දිය­ණිය විසින් සම්පා­ද­නය කර ඇත. අපගේ සංස්කෘ­තීන් හා සාහි­ත්‍යය පිළි­බඳ සොයා යන අයට එය මනා පිටි­ව­හ­ලක් වනු ඇත.
අප්‍ර­කට ජන කවි හා ජන සිරිත් විරිත් අකුරු ‍කොට තබා ඔහු දිවි­යෙන් සමු­ගෙන ඇත්තේ 1986 මෙවැනි පෙබ­ර­වාරි මසක 13 වන දින­දීය. සාමාන්‍ය පොදු වහරේ නොමැති අප්‍ර­කට අප­ගේම දේවල් සොයා යමින් කළ මහඟු සේවය අද වැනි දිනක ඇග­යිය යුතු­මය.


(තොර­තුරු ‍පොත්පත් ඇසු­රෙනි.)
අමීරා හමීඩ්
8 ශ්‍රේණිය ‘ඩී’,
යසෝ­දරා විද්‍යා­ලය, කොළඹ 08. 

Comments