
අපේ ජාතික කොඩිය සෑම දෙනාම දැක පුරුදු දෙයකි. ජාතික වශයෙන් වැදගත් වන අවස්ථාවල කොඩිය අන් ධජවලට වඩා ඉහළින් ප්‍රදර්ශනය කරයි.
ලංකාවේ ප්‍රථම අගමැති ලෙස ඩී.එස්. සේනානායක මහතා 1948 වසරේ මාර්තු මස 08 වැනි දින ජාතික කොඩිය නිර්මාණය සඳහා කමිටුවක් පත් කළේ ය. එම කමිටුව සියලු ජනවාර්ගික නියෝජිතයන්ගෙන් සමන්විත විය. කමිටුවේ තීරණය ලෙස වර්තමාන ජාතික කොඩිය නිර්මාණය කෙරිණි.
කොඩිය නිර්මාණය කිරීම පැවැරුණේ එකල රජයේ කලායතනාධිපති ජේ.ඒ.ඩී. පෙරේරා මහතා සහ එස්.පී. චාල්ස් යන අයටයි.
ජාතික කොඩිය රටකට ඉතා අගනා වස්තුවකි. ජාතික ධජයක් රටක එකමුතුකම, අභිමානය පෙන්වන ප්‍රතිමූර්තියකි. ජාතික කොඩියේ විවිධ සංකේතවලින් විවිධ අරුත් දක්වයි.
රතු පසුබිමේ කඩුව ගත් සිංහයා - එඩිතර බව
කොන් හතරේ බෝ පත් හතර - ධර්මිෂ්ඨ බව
තැඹිලි වර්ණ තීරුව - දෙමළ ජනයා
කොළ වර්ණ තීරුව - මුස්ලිම් ජනයා
ජාතික කොඩිය එසවීමේදී ඊට නිසි ගෞරවය ලැබෙන ආකාරයට කටයුතු කළ යුතු ය. ජාතික කොඩිය ප්‍රමිති අංක 693 වර්ෂ 1985 යටතේ සුරක්ෂිත කර ඇත.
එන්.එම්. දෙනුක නවරත්න
8 ශ්‍රේණිය ‘එච්’,
ගුරුකුල විද්‍යාලය,
කැලණිය.