තිත්ත නැති කර­විල | Page 4 | සිළුමිණ

තිත්ත නැති කර­විල

තාලා දෙන්නා තිත්ත නැතුව කරවිල කන්න ආසයි. අපේ දරුවෝ වගේ හැම දරුවකුම ඒ වගේ කියලා තමයි මමත් හිතන්නේ. අද මට හිතුණා තිත්ත නැතුව කරවිල පුතාලා හදල දෙන්න. මම අද පොළේ ගිහිල්ලා කරවිල අරගෙන හොඳින් සේදුවා. දිග අතට කපා ගත්තා. මතක තියාගන්න කරවිල කපන්න ඉස්සෙල්ලා හොඳින් හෝදන්න. ඊට පසසේ ලුනු ,ගොරකා, කහ දාලා හොඳට අනාගන්න. දැන් වතුර ටිකක් දාලා ළිපේ තියෙන්න. මද ගින්නේ තබාගත් පසු බාගන්න.

ඉන්පසු වෙන ඇතිළියක් රැඟෙන ඊට පොල් තෙල් ටිකක් දමා ඊට ගොරක ටිකක් දමා ගන්න. ඉන්පසු ඔබ පළමුව සාදාගත් කරවිලවලට ලූනු කපා දමන්න. ඊට කෑලි මිරිස් දමා හොඳින් අනාගන්න. දැන් මේ සියල්ලම ලිප ඇති තෙල් රත්වී ගෙන ඇතිළියට දමන්න. මේ ආකාරයට මද ගින්නේ තැම්බූ පසු බාගන්න. දැන් බලන්න ඔබ පිස ගත් කරවිල තිත්ත ද කියලා.

ඔබට අවශ්‍ය නම් කරවිල කල්තබාගන්නත් පුළුවන්. මේ සඳහා කරවිල පෙති ආකාරයට කපාගෙන අව්වේ දමා වේලා ගන්න. හොඳින් වේළුණු පසු ඔබට මේවා අසුරා තබන්න වුණත් පුළුවන්. අවශ්‍ය විට මේ කරවිල ටිකක් රැඟෙන ඔබට සම්බෝලයක් හදන්න වුණත් පුළුවන්.

අමායා රසාදරී

 

බෙරි නොවන මයියොක්කා

 

අද බොහෝදෙනා බෙරි නැතිව මයියොක්කා තම්බා ගන්න දන්නේ නැහැ. මේ සඳහා කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. පළමුව මයියොක්කා ලොකු කෑලි වෙන්න කපා ගන්න. ඊට පස්සේ වතුර හැළියක් ළිප තබා වතුර උතුරන තෙක් සිටින්න. ඉන්පසු ඔබ උතුරුවා ගත් වතුර හැලිය ළිප තිබියෙදීම මයියොක්කා ඊට දමා ලුනු සහ කහ ඊට එක්කර ගන්න.

දැන් හැළි ඇර තබන්න මතක තබා ගන්න. නැති නම් මයියොක්කාවල විෂ නිෂ්පාදනය වීමට ඉඩ ඇත. තප්පර තිහකට පසු මයියොක්කා බා ගන්න. දැන් වෙනත් බඳුනකට මයියොක්කා බාගෙන බලන්න ඇලෙනවා ද කියලා නැහැ නේද? එසේ නම් ඔබේ පිස ගැනීම සාර්ථකයි. මතක තබා ගන්න මයියොක්කා කන කොට ඉඟුරු නම් කන්න එපා. ඔබට විස වේවි. ඒ වගේ තවත් දෙයක් මතක තබා ගන්න මයියොක්කා අල දම් පාට වී ඇත්නම් ඉන් පිටතට සයනයිඩ් ඇවිත් ඇති බව මතක තබා ගන්න.

 

දිල්හානි කරුණාරත්න

Comments