
දවසෙන් හරි අඩක්
පාසලේ සිටින දොහේ.
පැයෙන් පැයට අප
වෙහෙසී සිටින කලේ
පැමිණෙන ඇය දකින විට
මගෙ සිත සතුට පිරේ
ඇය ගුරු දෙවියෙකි
මිහිපිට දකින ලොවේ
විටකදි නපුරු වෙයි
එවිටම සිනා සලයි
පින්බර හදෙන් පිවිතුරු
දරු සෙනෙහෙ ගලයි
සැමවිටම ඇයගේ දරු
දැරියන් ඇය අසලයි
ආදර ඇය අප
සිංහල ගුරුතුමියයි
ඩබ්ලිව්. නෙත්මි දිනිතිනී
11 ශ්‍රේණිය ‘ඊ’ ,
ගන්තිරියාගම මහින්ද
මහ විදුහල, ඉපලෝගම.