වැවයි ඉඩෝරයයි | සිළුමිණ

වැවයි ඉඩෝරයයි

ගහ කොළ තණ බිම් මැලවී යන්නේ
ගමේ වැවේ හැම තැන ඉරි රටා ඇ‍ෙඳන්නේ
හිරු කුමරා රතට රතින් එබී බලන්නේ
ගිනියම් හිරු කිරණින් වැව වියැළෙන්නේ

සිවුපා බහුපා තුරුලතා දුකින් තැවෙන්නේ
මිනිස් සතා වතුර සොයා හිඟමන් යන්නේ
වැසි දෙවියන් හට මේ දුක පවසන්නේ
ඇයි දෙවියනි අපගේ දුක නොඅසන්නේ

මිනිස් සතා සැම අත වඳිමින්නේ
වැහි ඉල්ලා දසතට වැලපෙන්නේ
එක වැහි බිදුවක් වත් අපට නොදෙන්නේ
අප ජීවිත දෙවියන් ඔබ හට භාරයිනේ

යූ. වින්ද්‍යා ප්‍රසාදි කුමාරි
9 ශ්‍රේණිය ‘ඩී’,
බටුහේන මහා විද්‍යාලය,
හිඳල්ලන, රත්නපුර.

Comments