
ඔන්න එකමත් එක රජකෙනෙක් විනෝදෙන් කල් ගෙව්වා මිස රට වැසියන් ගැන හිතුවේ නෑ. මහ අදිකාරම්තුමා තමයි රටේ පාලනය වැඩිපුර කළේ. මේ රජුට කැකිරි හේනක් වවා ගන්න අදහසක් පහළ වෙලා ඒ ගැන මහ අදිකාරම්ට දැනුම් දුන්නා. ඒ අනුව රටේ දක්ෂම ගොවිරාල තෝරා ගෙන සරු කැකිරි බීජ දීලා කැකිරි හේනක් වවන්න අණ කළා. අර ගොවිරාල හරි දක්ෂයි. කොයි වැඩක් වුණත් පිළිවෙළට හරියාකාරව කරන කෙනෙක්. ගොවිරාලත් සරු බිමක් හොයා ගෙන කැකිරි ඇට පැළ කළා. කලක් යද්දි කැකිරි ඇට පැළ වෙලා. වැල් ඇදිලා හරි අපූරු කැකිරි හේනක් වැවුණා. බලන්න ලස්සනයි. රජ්ජුරුවොත් උයනට යනවා වගේ නිතරම කැකිරි හේන බලන්න යනවා. දැන් හේනේ කැකිරි හැදිලා රන්වන් පාටින් බබළනවා. හරිම ලස්සනයි. දවසක් රජු කැකිරි හේන බලන්න ගියා. හේනපුරා කැකිරි. රජ්ජුරුවන්ට කැකිරි දැකලා ලෝබ හිතිලා ගොවිරාල ළඟට කැඳෙව්වා.
“කැකිරි කාටවත් කඩන්න නොදී හොඳින් රැකවල් කරන්න ඕනෑ. කාටවත් හොරෙන් කඩන්න එහෙම දෙන්න එපා.” ගොවියාට අණ කළා.
ගොවිරාල කොයි දේත් හරියට කරන කෙනානේ... කැකිරි හේන දිවා රාත්‍රී පරෙස්සම් කළා. රජ්ජුරුවොත් තියෙන ලෝබකමට ගොවිරාල වැඩේ හරියට කරනවද බලන්න වෙස්වළා ගෙන හේනට ගිහින් බලනවා. මෙහෙම දවසක් රජු වෙස්වළා ගෙන රාත්‍රියක කැකිරි හේනට ගිහින් ගමරාලට පේන්න හේනේ ඇවිද්දා. හේන මුරකරමින් සිටි ගොවිරාල කැකිරි කඩන්න හේනට හොරෙක් ඇවිත් යැයි සිතා රජ අණ සිහිකර හොරාට ඊයකින් විද්දා. වැටුණු හොරා ළගට කිට්ටු කර බලද්දී හොරාගේ හැඩරුව රජුට සමානයි. ගමරාල තවත් විපරම් කර බැලුවා. ඇත්තටම එතැන මැරිලා හිටියේ රටේ රජ්ජුරුවෝ. ගමරාල කල්පනා කරලා දුවගෙන ගිහින් මේ ගැන මහ අදිකාරම් තුමාට කිව්වා.
මහ අදිකාරම්තුමාත් මෙය රහසක් ලෙස තබා ගන්න කතා කර ගෙන රජු වෙනුවට ගමරාල රජ කරවා සිංහාසනයේ වාඩි කෙරෙව්වා. ගමරාල කවදත් සූරයා නිසා වැඩි කලක් යෑමට පෙර නීතියට අනුව රට පාලනය කරන්න ගත්තා. දැන් රට සමෘද්ධිමත්. මිනිස්සුත් ගමරාලගේ රහස දන්නවා. ඒත් රට හොදින් නිසා රට වැසියාට එය ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒත් මහ අදිකාරම නිලේ බලෙන් මිනිසුන්ගේ දේපළ හූරා කනවා. රටේ නීතියට අනුව වැඩ සිද්ද වෙන නිසා මිනිස්සු මේ ගැන රජුට පැමිණිලි කළා.
“රජකම අත්හැර නැවත කැකිරි ගොවියා වෙන්න වුණත් මං යුක්තියට පිටුපාන්නේ නෑ. ඔය ඉඩම් අයිති මහ අදිකාරමට නොවෙයි. රටවැසියන්ටයි.” කියා කැකිරිහේනෙ රජු තීන්දුව දුන්නා.
නවීෂා කුලරත්න
8 ශ්‍රේණිය,
අනුලා විදුහල,
නුගේගොඩ