මටත් තෑගි | සිළුමිණ

මටත් තෑගි

නත්තල් කියන්නේ ජේසු කුමරුගේ උපන්දින උලෙළට ය. ක්‍රිස්තියානි යහළුවෝ නත්තල් දිනය සමරති. දෙසැම්බර් මස 25 වැනිදා පුංචි ළමයි තෑගි බෝග ලබති, සතුටින් සෙල්ලම් කරති. පල්ලියට යන කිතු බැතිමත්හු යාච්ඤා කරති. නත්තල් සීයා නත්තලට පෙර දින දරුවන්ට තෑගි ලබාදෙයි. මා බෞද්ධයෙකු වුවත් නත්තල් දවසේ මට තෑගි ගොඩක් කිතු යහළුවන්ගෙන් ලැබෙයි. යහළුවන්ට සුබ නත්තලක් !

තිසර දහම් දිසානායක

4 ශ්‍රේණිය ‘බී’ ,

පිලාන තක්ෂිලා ප්‍රාථමික විද්‍යාලය,

වංචාවල - ගාල්ල.

Comments