නත්තලේ අරමුණ | සිළුමිණ

නත්තලේ අරමුණ

නත්තල යන වචනයේ අර්ථය උපත යන්න ය. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූ මෙදින කතෝලික බැතිමතුන්ට විශේෂ වූ මංගල්‍යයකි.

ක්‍රිස්තුස් වහන්සේ ජේසු තුමා නමින් ද හඳුන්වන අතර එතුමාගේ මව මරියතුමිය ද පියා ජුසේ තුමා ද වේ. ජේසු තුමා උපත ලැබුවේ බෙත්ලෙහෙමේ පුංචි ගවමඩුවකදීය.

නත්තල් උත්සවය දිනයේ කතෝලික බැතිමත්හු පල්ලියට ගොස් යාච්ඤා කරති. ඔවුන්ගේ ආගමික පිළිවෙත් නම්, ජේසුස් වහන්සේ වන්දනා මාන කිරීම, යාඥා කිරීම හා පූජකවරුන්ගේ දේශනාවලට සවන්දීමයි.

නත්තල් උත්සවයේ විශේෂ කලාංග හා සැරසිලි තිබේ. නත්තල් ගස හා ගවලෙන මේ අතරින් ප්‍රධාන වේ. ක්‍රිස්තියානි භක්තිකයෝ මෙදින ඉටිපන්දම් දල්වා ගීතිකා ගයති.

නත්තල් උත්සවයේ අරමුණු නම් කළගුණ සැලකීම, සාමය හා එකමුතුකමයි. ජේසුතුමාගේ අපේක්ෂාව වූයේ පාපයට බරවූ මිනිසුන් ඉන් මුදවා ඔවුනට විමුක්ති මාර්ගය පෙන්වා දීමයි. නත්තල සැමරීම වශයෙන් සැලකෙන්නේ ක්‍රිස්තියානි දහම ඒ ආකාරයෙන් හඳුනාගෙන ඒවා මුළු හදින් ම ක්‍රියාත්මක කිරීමයි.

 

එස්.ඩී. නෙත්මිණි විද්‍යානි ලියනගේ

8 ශ්‍රේණිය,

බණ්ඩාරවෙල ම.ම.වි.,

බණ්ඩාරවෙල.

 

Comments